දේශීය පුවත්

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසන්නේ මුදලට යටවූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් හරහා සංවිධානාත්මක කණ්ඩායමක් විසින් රට තුළ නැවතත් ගැටුම් ඇතිකිරීමට උත්සාහ ගන්නා බවයි.

මෙම කණ්ඩායම්වලට විදේශ සංවිධානවලින් විශාල වශයෙන් මුදල් ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, ඇතැම් භික්ෂුන් වහන්සේලාටද මුදල් ගෙවා බුදු දහම අපකීර්තියට පත්කිරීමට කටයුතු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් අමාත්‍යවරයා හෙළිකරයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා,

“ආගමික අන්තවාදය පැතිරවීම පිළිබඳව පහුගිය කාලයේ ක්‍රිකට් මණ්ඩලය සම්බන්ධව කරපු වාර්තාවලිනුත් අපිට කරුණු තහවුරු වෙලා තියෙනවා. තවත් සමහර අය තමන්ගේ ඒ ආගමික මතවාද වෙනුවෙන් අනිකුත් ආගම්වලට අගෞරව කරමින් ඒවා විනාශ කිරීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. මේ සම්බන්ධයෙන් විදේශීය බලපෑම් විදේශීය වියදම් කිරීම් ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් කටයුතු කරන්න මුදලට යටවෙච්ච ශ්‍රී ලාංකිකයෝ කණ්ඩායමක් සිටින බවත් අපි දන්නවා.”

මාධ්‍යවේදියා – දැන් මේ සිද්ධි ජාලයම එක දිගට එන්නේ. යම් කිසි දේශපාලන පක්ෂයක් හෝ දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෙක් බලයට ගේන්න ප්‍රයත්නයක් දරනවා කියලා සමාජයේ මතයක් තියෙනවා?

“ඒක ගැන මට නිශ්චිතව උත්තරයක් දෙන්න බෑ. නමුත් දැනගන්න තියෙන විදියට මේ සංවිධානාත්මකව කලක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් ආපු දෙයක් බවට තොරතුරු තියෙනවා. එතකොට ඒ ඒ කණ්ඩායම්වලට දැනට යම් යම් තොරතුරු තියෙනවා විදේශ සංවිධානවලින් විශාල වශයෙන් මුදල් ලැබිලා කියලා තොරතුරු ලැබිලා තියෙනවා. අපේ සමහර භික්ෂුන් වහන්සේලාටත් මුදල් ගෙවලා බුදු දහම අපකීර්තියට පත්කරන්න කටයුතු කරන්න වියදම් කරලා කියලා තොරතුරු ලැබිලා තියෙනවා.”

“මේ රට විනාශ කිරීමට පහසුම ක්‍රමය තමයි බෞද්ධ ආගමට අපහාස කරලා භික්ෂූන් වහන්සේලාගේ ගෞරවය නැතිකරලා මේ රට අස්ථාවර කිරීම, ඒ සංස්කෘතික විනාශය සිදුකිරීම. ඒ කුමන්ත්‍රණයේ කොටස්කරුවන් තමයි ඔය ඊයේ පෙරේදා විවිධ අදහස් පළ කරමින් රටතුළ නැවතත් ගැටුම් ඇති කරන්න උත්සාහ කරන්නේ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More