දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව ලාභ ලබන රාජ්‍ය ආයතන ඇතුළු  කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබේ.

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය ගුණදාස අමරසේකර සහ එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර, අනෙක් පෙත්සම දේශහිතෛශී ජාතික පෙරමුණේ ලේකම් නුවන් බැල්ලන්තුඩාව සහ එහි විධායක කමිටු සාමාජිකයෙකු වන ජේ. ඒ. ඩී. එම්. ජයතිලක යන අය විසින් ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, නීතිපතිවරයා ඇතුළු 23දෙනෙකු නම් කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් වසරේ අගෝස්තු මස 31 වනදා අමාත්‍ය මණ්ඩල යෝජනාවක් මගින් පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ තීරණයක් ගෙන තිබූ බවය.

ඒ අනුව, ශ්‍රීලන්කන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, හිල්ටන් හෝටලය, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, ලිට්‍රෝ ගෑස් සමාගම, ලංකා හොස්පිට්ල්ස් සමාගම, වෝටස් එඩ්ජ් ආයතනය ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණයක් ගෙන තිබූ බවත් පෙත්සමේ සඳහන් වෙයි.

එසේ තිබියදී ලාභ ලබන රාජ්‍ය ආයතන ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් විකිණීමට රජය විසින් මේ වනවිට කටයුතු කරමින් සිටින බවත් එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සමේ පෙන්වා දෙයි.

ඉකුත් අයවැය කතාවේදී මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත්කළ අයවැය යෝජනා තුළින් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට පමණක් පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවී තිබෙන බවත්, රාජ්‍ය ආයතන විකිණීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාදී නොමැති බවත් පෙත්සම්කරුවන් පෙන්වා දී ඇත.

අමාත්‍ය මණ්ඩලය ඇතුළු රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීමට බැඳීසිටින බවත් ඒවා නීතියට පරිබාහිරව විකිණීම තුළින් මහජන පරමාධිපත්‍යය මෙන්ම මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවීමක් සිදුවන බවත් පෙත්සම්කරුවන් සඳහන් කරයි.

ඒ අනුව, නීතියට පරිබාහිර ලෙස රාජ්‍ය ආයතන විකිණීමට වග උත්තරකරුවන් විසින් ගෙන තිබෙන තීරණය තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවීමට අත්‍යාසන්න බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම දේපළ විකිණීම සඳහා ගෙන තිබෙන අමාත්‍ය මණ්ඩල තීරණ බලරහිත කිරීමේ තීන්දුවක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More