මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය වන රෝහිණී මාරසිංහ මහත්මිය තමන්ට නැති බලයක් ආරෝපණය කරගනිමින් තමන්ට ලැදි හිතවතුන්ට විවිධ වරදාන හා වරප්‍රසාද ලබාදෙමින් මානව හිමිකම් කොමිසම තම බූදලයක් ලෙස පරිහරණය කරන බව කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිකරයි.
එම කොමිසමේ උසස් නිලධාරියකු පවසන්නේ, මේ වන විට මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රධානියා සේවය අතහැර ගියා සේ දන්වමින් ඇය විසින් ලිපියක් නිකුත්කර ඇති බවත්, එහෙත් අදාළ ප්‍රධානියා තවමත් සේවයේ යෙදී සිටින බවත් ය.
කොමිෂන් සභාවේ අනෙකුත් සාජිකයන්ගේ අනුදැනුමකින් තොරව අදාළ ප්‍රධානියා සේවයෙන් පහ කිරීමට ඇය කටයුතු කර ඇති බවද, එම තනතුර ඇගේ හිතවතෙකු වෙත ලබාදීමට කුමන්ත්‍රණයක් මේවන විට ක්‍රියාත්මක වෙමින් ඇති බවද එම නිලධාරියා තොරතුරු හෙළිකරයි.
කෙසේ වෙතත් මෙම තනතුර ලබාදීමට ඇය සූදානම් වන පුද්ගලයා මීට පෙර මානව හිමිකම් කොමිසමේ රැකියාවේ යෙදෙද්දී විනය විරෝධී ක්‍රියාවන් රැසකට චෝදනා ලැබූ පුද්ගලයකු බවත්, ඒ නිසාම අදාළ පුද්ගලයාව බදුල්ලට මාරුකර යවා පසුව නුවර එළිය කාර්යාලයට ඔහු පැමිණ ඇති බවත්, ඔහුව මහනුවරට පත්කිරීම සඳහාම මේ වන විට නුවර එළියේ කාර්යාලයද වසාදමා ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් කරුණු සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...