නවතා දැමු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සඳහා සාකච්ඡා ඇරඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
පසුගිය දා ජනාධිපතිවරයා ජපානයේ සිදුකළ සංචාරයට පෙර එම තීරණය ගෙන ඇත.
අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ යළිත් ශ්‍රී ලංකාව පිළිබඳව අන්තර්ජාතික වශයෙන් විශ්වසනීයත්වයක් ඇති කිරීම සඳහා එම තීරණය ගත් බවය.
“පසුගිය කාල සීමාවේ ජපානය ශ්‍රී ලංකාවට ප්‍රධාන ආධාර සපයන රට බවට පත්වෙලා තිබුණා. නමුත් මෑත ඉතිහාසය තුළ දී ඇතැම් යෝජනා, ආධාර ව්‍යාපෘති ක්ෂණිකව නතර කිරීම නිසා සමහර කනස්සලු ස්වභාවයක් පැවතීම. නිවැරදි කිරීම සඳහා ජනාධිපතිතුමා අවශ්‍ය පසුතලය සකස් කරගෙන තමා ජපානයේ සංචාරයේ නිරත වුණේ. එතුමා ජපාන සංචාරයට පිටත්ව යෑමට කලින් නවතා දැමූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි සාකච්ඡා කිරීම අනුමැතිය ලබාගත්තා කැබිනට් මණ්ඩලයේ.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...