බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සඳහා අත්අඩංගුවට පත් නතාෂා එදිරිසූරිය නමැති කාන්තාවට ඒ සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඒ සඳහා රහස් පොලිසිය ඇගෙන් ලබාගත් ප්‍රකාශ මෙන් ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කෙරුණු වීඩියෝපට ද උපයෝගි කරගන්නා බව සඳහන් වේ.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් දා නතාෂා එදිරිසූරිය නමැත්තිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දක්වමින් පවසා සිටියේ නතාෂාගේ මෙම ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පටය යූටියුබ් ඔස්සේ 21,000ක් නරඹා ඇති බව ය.
එමෙන් ම, හසලක තුෂාර නමැති පුද්ගලයෙකු ඇතුළු කණ්ඩායමක් ම එම වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පවසා තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...