ඉන්දියාවේ කුකුළු ගොවිපළ පහකින් දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් ආනයනය කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කරයි.
ඉන්දියාවේ කුකුළු ගොවිපළ දෙකකින් බිත්තර ආනයනය සිදු කළ බව පවසන සභාපති එයට අමතරව ඉන්දියාවේ තවත් ගොවිපළ තුනකින් බිත්තර මිල දී ගැනීමට සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇතැයි ද පවසයි.
මේ අතර, වෙළඳපොළේ කුකුලු මස්, මාලු සහ බිත්තර මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
ඒ අනුව රුපියල් 1000 ත් 1100 ත් අතර මිළකට පැවති කුකුලු මස් මිල රුපියල් 1500 ත් 1600 ත් අතර මිළකට එක්වරම වැඩිවී ඇතැයි ඔව්හු සඳහන් කරති.
මෙයට සමගාමීව වෙලඳපොළේ මාලු මිළ ගණන්ද ඉහළ අගයක් ගෙන ඇති අතර පෑළියගොඩ මතස්‍ය වෙළඳපොළේ කෙලවල්ලා කිලෝව රුපියල් 1900 කටත්, බලයා කිලෝව රුපියල් 1400 කටත්, පරා කිලෝව රුපියල් 1700 කටත්, තලපත් කිලෝව රුපියල් 2700 කටත්, සාලයා කිලෝව රුපියල් 400 කටත්, ලින්නා කිලෝව රුපියල් 1500 කටත් අලෙවි වන බවද ඔව්හු පවසති.
මෙම මිල ගණන්වලට සාපේක්ෂව සාමාන්‍ය වෙළඳපොළේ මාලු මිළ ගණන්ද ඉහල අගයක් ගෙන ඇති අතර කෙලවල්ලා කිලෝව රුපියල් 2800ත් 3200ත් අතර මිළකටත්, බලයා කිලෝව රුපියල් 2000 කටත්, පරා කිලෝව රුපියල් 2400 කටත්, තලපත් කිලෝව රුපියල් 3200 ත් 3800 කටත්, සාලයා කිලෝව රුපියල් 650 කටත්, හැඩැල්ලා කිලෝව රුපියල් 1950 කටත් අලෙවි වන බවද ඔව්හු පවසති.
බිත්තර සඳහා රජය පාළන මිළක් පනවනු ලැබුවත් සාමාන්‍ය වෙළෙඳ පොළේ බිත්තරයක් තවදුරටත් රුපියල් 53 ත් 55 ත් අතර මිළකට අළෙවි වන බවත් ඔව්හු කියති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...