දේශීය පුවත්

ලූතිනන් කර්නල් තුවාන් මුතාලිෆ් ඝාතනයේ සැකකරුවකු වූ ව්‍යාපාරිකයකු පසුගියදා බොරැල්ලේ දී වෙඩි තබා ඝාතනය කර තිබිණි.

මෙම ඝාතනය සඳහා වෙඩිකරුවන් පැමිණි කැබ් රථය ඉඹුල්ගොඩ දී කොළඹ අපරාධ කොට්ඨාශය සොයාගෙන ඇති අතර, මෙම කැබ් රථයේ හිමිකරුවා යුද හමුදා මේජර්වරයකුගේ බව පොලිසිය පවසයි.

මේජර්වරයා මෙම කැබ් රථය කොල්ලුපිටිය කුලී රථ සපයන ආයතනයකට කුලී පදනම මත ලබාදී ඇති බවත් සැකකරුවන් එය කුලී පදනම මත ලබාගෙන මෙම අපරාධය සඳහා රැගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සඳහා සැකකරුවන් දෙදෙනා මෙම කැබ් රථයෙන් බොරැල්ල හරස් මාර්ගය වෙත පැමිණ කැබ් රථයෙන් බැස එතැන් සිට යතුරුපැදියකින් බේස්ලයින් මාර්ගය ඔස්සේ ලෙස්ලි රණගල මාවතට පැමිණ මෙම අපරාධය සිදුකර ඇතැයි ද පොලීසිය කියයි.

මෙම ඝාතනයට ආධාර අනුබල දුන් බව කියන සිව් දෙනකු මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More