දේශීය පුවත්

කම්කරු නීති සංශෝධනය සඳහා ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති සබඳතා අංශය සියලු වෘත්තීය සමිති සහ අදාළ බළධාරීන් කැඳවා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා,

“අපේ රටේ කම්කරු නීතිය පරණයි. කම්කරු නීතිය අලුත් කරන්නට ඕනේ. සුළු සුළු ආකාරයේ වෙනස්කම් සංශෝධනය කළාට රට ලෝකෙට අරගෙන යන්න ඕනේ කියන කාරණේ දිහා බලලා නීතිය අලුත් කරන්න සමස්ත ආකාරයේ සංශෝධනයක් කරන්න කම්කරු නීතියට අනුව කරන්න කටයුතු කරලා නෑ. දැන් අපේ රටේ රාජ්‍ය අංශට එක නීතියක් තියෙනවා පෞද්ගලික අංශයට එක නීතියක් තියෙනවා. මේවා වෙනස් වෙන්නට ඕනේ. මේවා සාමාන්‍යයෙන් කරන්නේ රටේ ආදාළ පාර්ශව එකඟ කරගෙන. සාකච්ඡා ඇතුළේ තමයි මේ නීති සංශෝධනය කරන්න ඕනේ. ඒගොල්ලෝ යෝජනා කරලා තියෙන්නේ කම්කරු අමාත්‍යාංශය විදියට හදන්න කෙටුම්පතක්. ඒ කෙටුම්පත අපිට දෙන්න ඊට පස්සේ අපි අපේ යෝජනා දෙන්නම්. කොටුම්පත හදන්නත් වෘත්තීය සමිත එකතු වෙන්න ඕනේ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More