පළාත් පාලන මැතිවරණය කල් දමා ජුනි 09 වැනිදාට මාස තුනක් ගත වන මොහොතේ ජුනි 08 මැතිවරණ කොමිෂම ඉදිරියට පැමිණෙන බවත්, ජුනි මාසය පුරා ජනතාව පෙළගස්වමින් නැවත මහ පාරේ සටන ආරම්භ කරමින් රනිල් වික්‍රමසිංහව මැතිවරණ සිතියමේ හිරකිරීමට තමන් සූදානම් යැයි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
දිසානායක මහතා මේ බව පැවසුයේ ඉකුත් (28)දා සවස තිරප්පනේ නගරයේදී පැවති ජාතික ජන බලවේගයේ මිහින්තලය ආසන සමුළුව අමතමිනි. ඒ මහතා මෙසේද කීය.
“මාර්තු 09 වැනිදා පොදු ජනතාව අතට බලය මාරු වෙන්න තිබුණා. නමුත් උඩ ඉන්න දූෂිත ප්‍රභූ පැලැන්තිය එය වෙනස් කළා. මුදල් ඇමැති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණ කොමිෂන් සභාවට සල්ලි දෙන්නේ නැත්නම් කොමිෂන් සභාව නඩුවක් දාන්න තිබුණා. නමුත් නඩුවක් දැම්මේ නෑ. මැතිවරණ කොමිෂන් සභාවත් ජන්දය කල් දැමීමේ කුමන්ත්‍රණයක නිරත වී සිටිනවා.
රනිල් වික්‍රමසිංහ හිතනව නම්, ජන්දය තියන්නේ නෑ කියලා එයා කිව්වහම එයාට යටත්වෙලා දේශපාලනය කරන්න ඕනෙ කියලා ඒක විහිළුවක්. එහෙම ඉන්න අපි ලෑස්ති නෑ. රනිල් වික්‍රමසිංහගේ අනීතික, ප්‍රජාතන්ත්‍ර විරෝධී මේ ජන්ද කල් දැමීමට එරෙහි මහ පාරේ සටන අපි ආරම්භ කරන්න ලෑස්තියි. රනිල් වික්‍රමසිංහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය තියෙනවා. පාර්ලිමේන්තුවේ දැන් 120 වගේ බලයක් තියෙනවා. නමුත් ජනතාවගේ බලය, ජනතාවගේ හයිය තියෙන්නෙ ජාතික ජනබලවේගයට බව අද තිරප්පනේට රැස්වී සිටින දහස් ගණන් ජනතාව එකතු වෙලා මේ කියන්නේ.
පළාත් පාලන මැතිවරණය නොතියා ජනාධිපතිවරණයක් පවත්වන බව කතාවක් කියනවා. පක්ෂය ශක්තිමත්ව තියෙනකොට 2010, 2015, 2019, ජනාධිපතිවරණයට ඉල්ලපු නැති රනිල් ජනාධිපතිවරණයක් තියයිද? ව්‍යවස්ථාවට අනුව ලබන අවුරුද්දේ නොවැම්බර් 17ට කලින්ජනාධිපතිවරණය තියන්න ඕනේ. කොච්චර ඇද්දත් රනිල්ට අදින්න වෙන්නේ ලබන අවුරුද්දේ අගෝස්තු වෙනකන් විතරයි. ඒ කියන්නේ තව මාස 14යි. කන්න දෙකයි. නමුත් අපි උපරිම උත්සාහ කරනවා ඊට කලින් මැතිවරණයක් ලබා ගන්න. මේ මැතිවරණ සිතියමේ රනිල්ව අපි හිර කරනවා. හිර කරලා ජනතාවට තමන්ට ඡන්දය ලබා ගැනීම සඳහා තියෙන අයිතිය තහවුරු කරන බලවේගය බවට ජාතික ජන බලවේගය පත් කරන බව සහතික කරනවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...