අනුරාධපුරය නගර සභාව පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුරය වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ සංවිධානය කර ඇති පුරවර උදානය සැණකෙළිය හේතුවෙන් එම ප්‍රදේශයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් අපහසුතාවට පත්වන බව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියෝ පවසති.
ජූනි 4 සිට 11 වන දා දක්වා පැවැත්වෙන මෙම සැණකෙළි කාලසීමාව තුළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට බාධා මතුවන බවට සිසුන් සහ මවුපියන් පැමිණිලි කර ඇතැයි ද උන්වහන්සේ සඳහන් කරති.
පොසොන් පින්කම් උත්සවය සන්දර්ශනයක් බවට පත්කර නොගතයුතු බව පැවැසූ එහිමියෝ අවුරුදු 40ක් තිස්සේ තමන් වහන්සේ එවැනි දෑට විරුද්ධ බවත් සඳහන් කරති.
ඒ අනුව සාමාන්‍ය පෙළ සිසුන්ට බාධාවක් නොවන අයුරින් මෙම සැණකෙළිය පැවැත්වීම පිළිබඳව නගර සභාවේ අවධානය යොමුවිය යුතු බවද හේමරතන හිමියෝ අවධාරණය කළහ.
පුරවර උදානය සැණකෙළිය පැවැත්වෙන හරිස්චන්ද්‍ර භූමිය පිහිටි අවට අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය, වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලය පිහිටා ඇත.
ඉන් විද්‍යාල දෙකක බොහෝ සිසුහු නේවාසිකව සිට විභාගය සඳහා පෙනී සිටිති. මේ සම්බන්ධයෙන් මවුපියන්ගෙන් හා සිසුන්ගෙන් ලද පැමිණිලි මත අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමි, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා, නාගරික කොමසාරිස්වරයා, පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි. මින් ඉදිරියට මෙවැනි සැණකෙළිවලට ඉඩ නොදිය යුතු බවත්, එසේ කටයුතු කළහොත් මෙවැනි ප්‍රශ්න මතු නොවන බවත් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියෝ මෙහිදී පැවැසූහ.
සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ මෙවැනි සැණකෙළියක් පැවැත්වීමෙන් මානුෂීය ගැටලුවක් නිර්මාණය වන බවද, ඒ අනුව මෙම භූමිය වෙනස් කිරීමට නාගරික කොමසාරිස්වරයා පියවර ගත යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.
නගරයේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට, සේවක පඩිනඩි හා අතිකාල ගෙවීමට, යන්ත්‍ර සූත්‍ර නඩත්තු කිරීමට මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙම සැණකෙළිය පවත්වන බවත්, ඒ සඳහා විකල්පයක් ඉදිරිපත් කළ හැකිනම් මෙම සැණකෙළිය නතර කළ හැකි බවත් අනුරාධපුර නගර සභාවේ නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මෙහීදී පැවසීය.
අනුරාධපුර නගර සීමාවේ ජීවත්වන ජනතාව නගර සීමාවේ කැළිකසළ බැහැර නොකරන බවත්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ජනතාව එවැනි දෑ බැහැර කරන බවත් පැවැසූ නාගරික කොමසාරිස්වරයා නගරයට වියදම් කිරීමට තිබෙන මුදල් එම කසළ ඉවත් කිරීමේදී වැය කිරීමට සිදුවන බවද සඳහන් කළේ ය.
අනුරාධපුර නගර සභාව පුරවර උදානය සැණකෙළියේ වැඩිම වියදමක් දරන බවත්, ඊට අනුග්‍රාහකයන්ගෙන් රුපියල් ලක්ෂ 200ක මුදලක් නගර සභාව ලබාගෙන තිබෙන බව ත් පැවැසූ විජේසිංහ මහතා සැණකෙළියට සහභාගි වන සියලු ම සංගීත කණ්ඩායම්වලට මුදල් ගෙවා අවසන් බව කීවේ ය.
වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය වැනි භූමියක් සහිත වෙනත් ස්ථානයක් නගර සීමාවේ නොමැති බවද, සංගීත කණ්ඩායම් සමඟ සාකච්ඡා කර දින වෙනස් කර ගැනීමට උත්සාහ කරන බව ද ඔහු පැවසීය. ඒ අනුව සැණකෙළිය පැවැත්වෙන දිනය ජූනි 6 වන දා දක්වා කල්දැමීමට තීරණය කළ බව ද නාගරික කොමසාරිස්වරයා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...