වෛද්‍ය එස්.එස්.එම්. ෂාෆි මහතාට එරෙහිව ක්‍රියාත්මක වන විනය පරීක්ෂණවලට බාධාවක් වන පරිදි රාජ්‍ය සේවා කොමිසමේ සෞඛ්‍ය සේවා කමිටු ලේකම් එල්.ඒ. කළුකපුආරච්චි මහතා විසින් ඉදිරිපත් කර ඇති ලිපියට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත මහජන පැමිණිල්ලක් යොමුකොට තිබේ.
වෛද්‍ය ෂාෆි මහතා කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී සිංහල මව්වරුන්ට වඳ සැත්කම් සිදුකළ බවට ඔහුට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන තවමත් සම්පූර්ණයෙන්ම අවසන් නොවූ පසුබිමක ෂාෆි මහතාව එම රෝහලේම නැවත සේවයේ පිහිටුවිය යුතු බවට හා ඔහුගේ සියලු පරීක්ෂණ අවසන් කළ යුතු බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවේ ලේකම් එල්. ඒ. කළුකපුආරච්චි මහතා යොමුකළ ලිපිය සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
වෛද්‍ය ෂාෆිට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සිදුකළ පරීක්ෂණ ද නිසි පරිදි සිදු නොවූ බව ද මෙම පැමිණිල්ල මගින් කරුණු පෙන්වා දී තිබේ.
අදාළ පැමිණිල්ල පහළින්…


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...