දේශීය පුවත්

බුදු දහමට හා බුදුන් වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් නතාශා එදිරිසූරිය නම් කාන්තාව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ක්‍රියාවලිය පිටුපස සිටින මහ මොළකරුවන් තවමත් පසුවන්නේ නිදැල්ලේය.

මෝඩාභිමානය නමින් පැවැත්වූ මෙම සංදර්ශනය පිළිබඳව බොහෝ තොරතුරු මේ වන විට සමාජගතවී ඇතත්, මෙම කල්ලිය හා මේ හා සමාන කල්ලි කණ්ඩායම් විසින් දිගින් දිගටම මෙරට බෞද්ධයන්ට හා බෞද්ධ සංස්කෘතියට එල්ල කරන ප්‍රහාරයන් දිනෙන් දින ඉහළ යන ප්‍රවනතාවක් දැකගත හැකිය.

විශේෂයෙන්ම මෙරට ක්‍රියාත්මක වූ ඊනියා අරගලයත් සමග එම අරගලයේ සිටි බොහෝ පිරිස් මෙම කණ්ඩායම් තුළ සිටින බවත්, ඔවුන් විසින් මෙරට බෞද්ධ පදනම උගුල්ලා දැමීමට දිගින් දිගටම උත්සාහ දරන බවත් පැහැදිලිව පෙනෙන්ට තිබේ.

මෙම මෙහෙයුම බටහිර ඊළඟ මෙහෙයුම බවට කරළියට පැමිණ ඇති බව පැහැදිළි වන්නේ මෙම කල්ලි සඳහා ආධාර අනුබල ලබාදෙන ආයතන බටහිර එජංතයන් යටතේ ක්‍රියාත්මක වන බවට තොරතුරු හෙළිදරව් වෙමින් පවතින නිසාය.

කෙසේ වුවද මෙම මෝඩාභිමානය නමින් සවිධානය කර තිබූ වැඩසටහනට සහභාගී වූ පිරිස මෙන්ම එය නැරඹීමට හාස්‍ය නොවන ජවනිකාවල පවා කොක්හඬලා සිනාසුනු පිරිස කවුරුද යන්න පිළිබඳවත් අවබෝධ කර ගැනීම පිණිස මෙම වීඩියෝව හා ඡායාරූප පෙළ පළ කරන්නෙමු.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More