දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පසුගියදා පවත්වන ලද මහා සභාව නීති විරෝධී බවත් එහිදී ගත් සියලු තීන්දු තීරණ ශූන්‍ය කරන ලෙසත් ඉල්ලා නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ පසුගිය 26 දා නඩුවක් ගොනුකර ඇති බව වාර්තා වේ.

2023 අප්‍රේල් 22 වැනිදා පොදුජන පෙරමුණ විසින් මහා සභාව පැවැත්වූ අතර එයට සහභාගි වූ පොදු පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්, ජාතික සංවිධායක ඇතුළු පක්‍ෂයේ සියලු නිලධාරීන් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.

මෙහිදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් මෙම නඩුව ගොනුකර ඇති බවත් වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More