දේශීය පුවත්

මෙරට දුප්පත් ජනතාවට විදුලි බිල වැඩිවීම 1138% ක් වෙද්දී පොහොසතුන්ගේ විදුලි බිල වැඩිවීම 160% ක් වන බවත්, ඇමැති කංචන විදුලි බිල වැඩි කර ඇත්තේ ‘රිවර්ස් සරදියෙල්’ ක්‍රමයට බවත් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වන උදය ගම්මන්පිල මහතා,

“2022 අගෝස්තු මාසයට ඒකක 30 දක්වා පාවිච්චි කරන පාරිභෝගිකයන් ඒකකයට ගෙව්වේ රු.2.50 යි. අද ඒක රු.30.00 යි. ඒ අයගේ ස්ථාවර ගාස්තුව රු.30 සිට 400 දක්වා වැඩිවුණා. ඒ අනුව මාසයකට ඒකක 30 ක් භාවිතා කරන අයගේ බිල වැඩිවීම 1138% ක්.

විදුලි බිල වැඩි කිරීමේදී ඒකක 180 ක් භාවිතා කරන අයට වැඩි කළේ කීයද? 2022 අගෝස්තු මාසයේදී ඒකක 180 ක් භාවිතා කරන අයකුට මාසික බිල 3,755 යි. ඒකක කාණ්ඩ අනුව වෙන වෙනම ගණන් කරලා බැලුවාම දැන් ඒක 9,780 යි. ඒ කියන්නේ බිල වැඩිවීම 160% යි. දුප්පත් මිනිහාට බිල වැඩිවීම 1138% යි. පොහොසත්ම මිනිහාට 160% යි. මේක සාධාරණද? එහෙම නම් මොකක්ද මේ කරලා තිබෙන්නේ? දුප්පතාගෙන් වැඩිපුර අය කරගෙන පොහොසතාට සහන දීම.

ලංවිම 2023 වසරේ ජලයෙන් විදුලි ඒකක මිලියන 4,000 ක් නිපදවීමට බලාපොරොත්තු වෙනවා. ඒ ගණන විදුලි පාරිභෝගිකයන් මිලියන 6.8 න් බෙදුවාම එක් මාසයකට සෑම පාරිභෝගිකයකුටම ඒකක 49 ක් රු.3.50 ගණනේ ලබාදිය හැකියි. මොකද ජල විදුලි ඒකකයක නිෂ්පාදන විදයම රු.3.05 යි. නමුත් ලංවිම පළමු ඒකක 30 ට අය කරන්න යෝජනා කළේ රු.30 ගණනේ. ඊට පස්සේ ක්‍රමයෙන් වැඩිවෙනවා. නමුත් සුපිරි මහල් නිවාස, රජයේ කාර්යාල, බැංකු සාප්පු සංකීර්ණ වගේ ඒවාට අය කරන්නේ පළමු ඒකක 180 ටම රු.40 යි. ඊට පස්සේ රු.47 යි. රු.3 ට හදන ජල විදුලි ඒකකයක් රු.30, රු.50 ට දුප්පත් ජනතාවට විකුණන්නේ දැවැන්ත විදුලි බිල් හදන පාරිභෝගිකයාට සහන දෙන්න. මේක ධනවතුන්ගේ විදුලි බිල දුප්පතුන් ලවා ගෙවීමක්.

ලෝකය පුරාම කරන්නේ සමාජ සාධාරණත්වයේ නාමයෙන් සරදියෙල් ක්‍රමයට ධනපතියන්ගෙන් අරගෙන දිළින්දන්ට දීමයි. රිවර්ස් සරදියෙල්ට රඟපාන කාංචන ඇමැතිතුමා දිළින්දන්ගෙන් අරගෙන ධනපතියන්ට දෙනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More