නියමු ව්‍යාපෘතියක් ලෙස ආයෝජන මණ්ඩලය මගින් නියමිත කලාපයක් තුළ කංසා වගා කිරීමට ඉතා ඉක්මනින් කටයුතු කරනු ඇති බවත්, ඒ සඳහා නිර්දේශ ද ලැබී ඇති බවත් සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.
මෙම වගාවට සුදුසු භූමි ප්‍රදේශය තෝරා ගැනීම දැන් සිදුවන බවද, ජනාධිපතිතුමන් මේ පිළිබඳ විමසා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ද නිකුත්ව ඇති බවද ඇය වැඩිදුරටත් පවසයි.
මේ අතර, ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ ඉකුත් සති අන්තයේ කොළඹ පැවැති සාකච්ඡාවකදී ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා ද එම කංසා වගාව නිශ්චිත කලාපයක් තුළ පමණක් ආයෝජන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලැබී ඇති බව සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...