මෙවර මිහින්තලේ පුදබිමේ පොසොන් රාජ්‍ය උත්සවයක් පවත්වන්නේ නැති බවත් පොසොන් පිංකම් පමණක් පැවැත්වෙන බවත් මිහින්තලා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුන වැවේ ධම්මරතන හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව කියා සිටියේ පොසොන් රාජ්‍ය උත්සවය මිහින්තලාවේ දී පැවැත්වීම සම්බන්ධයෙන් මිහින්තලා පුදබිමේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
දේශපාලන අධිකාරිය විසින් නඩුවක් පවරා ඉදිරියේ දී තමන් වහන්සේ සිරගත කිරීමේ සැලසුමක් ඇති බව ද උන්වහන්සේ මෙහිදී සඳහන් කළහ.
රජයෙන් ලබාදුන් ලක්‍ෂ 31ක මුදල ප‍්‍රමාණවත් නැති බව ද පැවසූ උන්වහන්සේ එය ආපසු රජයට බාර දෙන බවද මෙහිදී පැවසීය.
පොසොන් උත්සවය පැවැත්වීම සඳහා මහජන ආධාර පතන බවද පැවසූ උන්වහන්සේ, පොසොන් උත්සවය පැවැත්වීම සඳහා සියලු දෙනා හැකි පමණින් ආධාර උපකාර කරන්නැයි ද ඉල්ලා සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...