බුද දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නතාශා එදිරිසූරිය ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ නියෝග කළේය.
මෙම සැකකාරිය සිංගප්පූරුව බලා පිටත්ව යාමට ඊයේ (28) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදී ඇය අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තාකර ඇත.
මෙම සැකකාරිය ප්‍රකාශයක් කරමින් බුදු දහමට මෙන්ම සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කර ජනතාව අතර අසමගියක් ඇති වන ආකාරයෙන් කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...