කෑගල්ල, අරණායක අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය සඳහා ගෙනවිත් තිබු ජලනල තොගයක් ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම ජල යෝජනා ක්‍රමය පසුගිය ඉරිදා පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කළ අතර ඊට දින දෙකකට පෙර මෙම ජලනල තොගය ගිනිගැනීමට ලක්ව තිබුණි.
ගිනිගැනීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට වාර්තා වීමත් සමග අරණායක පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර, ඒ අනුව ජලනල තොගය ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් 06 දෙනෙකුගෙන් අරණායක පොලීසිය ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබුණි.
එම පාසල් සිසුන් 06දෙනා ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන අතර ඔවුන් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පිරිසක් බව සඳහන්ය.
සිදුකරන විමර්ශනවලින් අනතුරුව අදාළ සිද්ධියට එම සිසුන් සම්බන්ධ වී ඇති බව අනාවරණය වී ඇති බව පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...