ආගමික සහජීවනයට බාධා පමුණුවන, විශේෂයෙන් බුදුදහමට ඉතාමත් නින්දිත ලෙස පහර පිට පහර දෙන යම් කල්ලි, කණ්ඩායම් මේ වන විට රට තුළ ක්‍රියාත්මක වන බවත්, මෙම කටයුතු මෙහෙයවමින් සිටින එක් පුද්ගලයකු ලෙස මංජු ශ්‍රී නිශ්ශංක නැමැත්තාගේ ක්‍රියාකාරිත්වය ඉතා බරපතල තත්ත්වයක පවතින බවත්, ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් පෙන්වා දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
මංජු ශ්‍රී නිශ්ශංක තැනැත්තා අතිවිශාල මුදලකට මෑතකදී මිලදී ගෙන ඇතැයි පැවසෙන එක්තරා සමාජ මාධ්‍ය නාලිකාවක් මගින් දිගින් දිගටම ආගමික සහජීවනයට බාධා පමුණුවන බව ද, ආගමික ගැටුම් ඇති කොට, රටට ගිනි ඇවිලවීමේ ප්‍රයත්නයක නිරතව සිටින බාහිර බලවතුන්ගේ අනුග්‍රහය මේ සඳහා ලැබී ඇති බව පෙනී යන බවද ජයන්ත සමරවීර මහතා මෙම ලිපිය මගින් පෙන්වා දී තිබේ.
අදාළ ලිපිය පහළින්…
ටිරාන් අලස් මැතිතුමා,
මහජන ආරක්ෂක අමාත්‍ය,
මහජන ආරක්ෂක අමාත්‍යාංශය,
14 වැනි මහල,
සුහුරුපාය,
බත්තරමුල්ල.
ගරු අමාත්‍යතුමනි,
ආගමික සහජීවනයට බාධා පමුණුවන මංජු ශ්‍රී නිශ්ශංක නැමැත්තාගේ ක්‍රියාකාරිත්වයට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගැනීම
ආගමික සහජීවනයට බාධා පමුණුවන, විශේෂයෙන් බුදුදහමට ඉතාමත් නින්දිත ලෙස පහර පිට පහර දෙන යම් කල්ලි, කණ්ඩායම් මේ වන විට රට තුළ ක්‍රියාත්මක වන බව ඔබතුමන් ද දන්නා සත්‍යයකි. මෙම ප්‍රවණතාව දිනෙන් දින උග්‍ර වන බවක් පෙනී යන අතර ඉන් ආගමික සහජීවනයට බාධා පමුණුවන මංජු ශ්‍රී නිශ්ශංක නැමැත්තාගේ ක්‍රියාකාරිත්වය ඉතා බරපතල තත්ත්වයක පවතී.
යම් ආගමික ශාස්තෘවරයකුට, යම් ආගමකට එරෙහිව සිදු කරන ප්‍රකාශ මගින් මුළුමහත් සමාජයකට ගිනි ඇවිලවිය හැකි අතර ඒ බව හොඳින් දන්නා බාහිර බලවේග රට තුළ පවතින සාමකාමී වාතාවරණය විනාශ කිරීමට මෙවැනි “බළල් අත්” යොදවා ඇති බව අපගේ විශ්වාසය වන අතර මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඒ පිළිබඳව ඔබතුමන්ගේ දැඩ් අවධානය යොමු විය යුතු බව පෙන්වා දීමට කැමැත්තෙමි.
විශේෂයෙන් ඉහත කී තැනැත්තා අතිවිශාල මුදලකට මෑතකදී මිලදී ගෙන ඇතැයි පැවසෙන එක්තරා සමාජ මාධ්‍ය නාලිකාවක් මගින් දිගින් දිගටම ආගමික සහජීවනයට බාධා පමුණුවන, මහජන කැළඹීමකට පාර කපන ප්‍රකාශ සමාජගත කරමින් සිටී. මෙය හුදකලා සිදුවීමක් නොවන අතර ආගමික ගැටුම් ඇති කොට, රටට ගිනි ඇවිලවීමේ ප්‍රයත්නයක නිරතව සිටින ඉහත කී බාහිර බලවතුන්ගේ අනුග්‍රහය මේ සඳහා ලැබී ඇති බව ද පෙනී යයි. අප ඔබතුමන් වෙතින් පළමුකොට ඉල්ලා සිටින්නේ “මහා ධනස්කන්ධයක් උපයාගෙන ඇමරිකාවේ සිට පැමිණියා” යැයි පවසන මංජු ශ්‍රී නිශ්ශංක නැමැති පුද්ගලයාගේ ඉහත කී නින්දිත ක්‍රියාකාරිත්වයට මුදල් පොම්ප කරන විදේශ රටවල ඔත්තු සේවා සහ සංවිධාන කවරේ දැයි විමර්ශනය කිරීමට කඩිනමින් පරීක්ෂණ අරඹන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දෙන ලෙස ය.
එවැනි විධිමත් විමර්ශනයක ප්‍රතිඵල මත පදනම්ව ආගමික ගැටුම් ඇවිලවීමට තුඩුදෙන, මහජන කැළඹීමකට පාර කපන අපරාධ වැරදි සිදු කරන මෙකී තැනැත්තා ඇතුළු ඔහුගේ කල්ලියට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටිමි.
මෙයට විශ්වාසී,
ජයන්ත සමරවීර(පා.ම.),
ජාතික සංවිධායක,
ජාතික නිදහස් පෙරමුණ,
2023-05-28
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...