දේශීය පුවත්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නවතම දත්ත වලට අනුව, ලොව පුරා රටවල් ඩොලරය අත්හැරීමේ ක්‍රියාවලිය වේගවත් කරමින් පවතින බව දේශපාලන ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

වොෂින්ටනය පදනම් කරගත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල  විසින් නිරීක්ෂණය කරන ලද සංඛ්‍යාලේඛන වලින් පෙන්නුම් කරන්නේ දශක තුනකට ආසන්න කාලය තුළ 2022 සිව්වන කාර්තුවේදී නිල රන් සහ විදේශ මුදල් සංචිතවල ඩොලරයේ කොටස අවම අගයක් වන 58% දක්වා පහත වැටී ඇති බවයි.

මෙම තත්වය ක්‍රමක්‍රමයෙන් ළඟා කර ගෙන ඇති බව විද්‍යාමාන වන අතර මහ බැංකුවල විදේශ සංචිතවල ඩොලර් කොටස දැන් අවසන් වරට 1995 දී තිබූ මට්ටමට ඉතා ආසන්න වී ඇති බවද පැවසේ.

එක්සත් ජනපදයේ ණය ඉහල යාම සහ ඩොලරය ලෝක ව්‍යවහාර මුදල් ඒකකය ලෙස භාවිත කිරීම දඩමීමා කරගනිමින් ලෝකය පුරා පුළුල් ලෙස ක්‍රියාත්මක කරන ලද සම්බාධක පිලිබඳ ජගත් ප්‍රජාව තුළ වන කනස්සල්ල මධ්‍යයේ මෑත වසරවලදී ලෝකයේ ප්‍රමුඛ මුදල් ඒකකය ලෙස ඩොලරය දිගුකාලීනව තබා ගෙන ආ ප්‍රභූ තත්ත්වය ක්‍රමානුකූලව ඛාදනය වී ඇති බව පෙනෙන්නට තිබේ.

රොයිටස් පුවත් සේවය විසින් උපුටා දක්වන ලද Eurizon SLJ Capital Limitedහි ප්‍රධාන විධායක නිලධාරී Stephen Jen ට අනුව, විනිමය අනුපාත සඳහා සකස් කළ විට ඩොලරයේ නාය යාම වඩාත් කැපී පෙනෙන්නට තිබේ.

“සැබෑ ලෙසම 2022 දී සිදුවූයේ ලෝක මුල්‍ය වෙළෙඳපොල තුල ඩොලර් කොටසෙහි ඉතා තියුනු ලෙස පහත වැටීමක්.” ලෙස ඔහු පැවසුවේ, ඩොලරයේ පහත වැටීම රුසියාවේ ඩොලර් බිලියන 640ක් වටිනා රන් හා විදෙස් මුල්‍ය සංචිතවලින් අඩක් අත් හිටුවීමේ ක්‍රියාවලියේ ප්‍රතික්‍රියාවක් ලෙස හඳුන්වමිනි.

Stephen Jenට අනුව, මෙම දැඩි පියවර සෞදි අරාබිය, චීනය, ඉන්දියාව සහ තුර්කිය වැනි රටවල් ඔවුන්ගේ සංචිත වෙනත් මුදල්වලට විවිධාංගීකරණය කිරීම ගැන නැවත සිතා බැලීමට හේතු විය.

ජාත්‍යන්තර බේරුම්කරණ බැංකුව (BIS) ට අනුව,චීන මුදල් ඒකකය වන යුවාන් හි ගෝලීය විදේශ විනිමය ගනුදෙනු වල කොටස වසර 15 කට පමණ පෙර තිබූ ශුන්‍යයේ සිට 7% දක්වා වැඩි වීමට හේතු වී තිබේ.

රුසියාවට එරෙහිව අමෙරිකාව ගත් පියවරෙන් පසු, අනෙකුත් රටවල් “ඔබ යොදා ගන්නා සම්බාධක නම් උපක්‍රමය වැරදි දිශාවකට දිශානති වුවහොත් කුමක් කළ යුතුද?”යනුවෙන් ප්‍රශ්න කල බවBNY Mellon උපායමාර්ගික ආයතන්යේ උපාය මාර්ගික විශේෂඥ ජෙෆ්රි යූ මාධ්‍ය වෙත පැවසීය.

ලෝකයේ රටවල මහ බැංකු මේ වන විට ඔවුන්ගේ වත්කම් වන ආයතනික ණය, දේපල වෙළඳාම් සහ අනෙකුත් මුදල් වැනි ස්පර්ශ කළ හැකි වත්කම් විවිධාංගීකරණය කිරීමට උත්සාහ කරමින් සිටින බවද ඔහු පැවසීය,

Toscafund Hong Kong හි කළමනාකාර අධ්‍යක්ෂ මාර්ක් ටින්කර් මාධ්‍ය වෙත පැවසුවේ “මෙය වත්මනෙහි සිදුවෙමින් පවතින ක්‍රියාවලියයි. ගෝලීය මුල්‍ය පද්ධතිය තුළ ඩොලරය අඩුවෙන් භාවිතා කරමින් සිටිනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More