දේශීය පුවත්

පසුගිය දා ශාන්ත බ්‍රිජඩ් කන්‍යාරාමයේ දී SL Vlog නම් කණ්ඩායම විසින් ‘මෝඩාභිමානය‘ නමින් පැවැත්වූ වැඩසටහනේ දී බුදු දහමට හා බුදුන් වහන්සේට සිදුකළ අපහාසාත්මක ප්‍රකාශ පිළිබඳව මේ වන විට සමාජය තුළ කතිකාවක් නිර්මාණය වී තිබේ.

SL Vlog නමින් හඳුන්වන මෙම කණ්ඩායම, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය(USAID) මගින් සෘජුවම ආධාර ලබන කණ්ඩායමක් බව මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම කල්ලිය පිළිබඳව ලංකා ලීඩ් කළ හෙළිදරව් කිරීම්වලින් පසු ලංකා ලීඩ් පාඨකයන් විසින් මෙම කණ්ඩායමට අභියෝග කරමින් පවසන්නේ හැකි නම් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ ‘නවය; සැඟවුනු කතාව‘ කෘතිය පිළිබඳව වැඩසටහනක් කරන ලෙසය. එහෙත් එබඳු අභියෝගයක් මෙම කණ්ඩායම භාර නොගන්නා බවත්, එයට හේතුව එබඳු වැඩසටහනක් කිරීමෙන් ඔවුන්ට USAID හරහා ලැබෙන ආධාර අහිමිවී යන බවත් එම පාඨකයන් පෙන්වා දෙයි.

මෙම කණ්ඩායම හා මෙබඳු තවත් කල්ලි මගින් දිගින් දිගටම බුදු දහමට පහර ගසමින් සිටින්නේ නීතිය මගින් තමන්ට එල්ලවන බලපෑම ද මෙම ක්‍රියාදාමය සඳහා වක්‍රාකාරයෙන් භාවිත කිරීමට හැකි බව ඔවුන් දන්නා නිසා බවත්, එමගින් මෙම අපහාස කිරීම් සමාන්‍යකරණයට ලක් කිරීමෙන් සමාජය තුළ තමන්ට අවශ්‍ය ඊනියා මතයන් ගොඩ නැගීමට හැකි වන බවත් විචාරකයෝ පෙන්වා දෙති.

ඉස්ලාම් අගමට හෝ ක්‍රිස්තියානි ආගමට මෙබඳු ප්‍රහාරයන් ඔවුන් එල්ල නොකරන්නේ එම ආගම්වල දඬුවම් දැඩි බව දන්නා නිසා බවද, එහෙත් බුදු දහම යනු අවිහිංසාවාදී දහමක් නිසා තමන්ට බුදු දහමට ඕනෑම පහර ගැසීමක් සිදුකළ හැකි යැයි මෙම කණ්ඩායම් විශ්වාස කරන බවත් විචාරකයන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

USAID හරහා ආධාර ලැබෙන බවට සාක්ෂි පහළින්…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More