කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා මෙම පියවර ගෙන තිබේ.
ගුවන් මගීන් රැගෙන එන අත්බෑග් පරීක්ෂා කිරීමට කටුනායක ගුවන් තොටුපළේ සාමාන්‍ය මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර පැවැතිය ද ප්‍රභූ මගී පර්යන්තයේ එවැනි පහසුකම් නොමැති බව රේගු නිලධාරීහු සඳහන් කරති.
එම නිසා විශේෂ මගී පර්යන්තය හරහා එන ප්‍රභූන්ගේ අත්බෑග් පරීක්ෂා නොකෙරෙන බව එම නිලධාරීහු පවසති.
විදේශ රටවල බොහොමයක විශේෂ මගී පර්යන්ත වල මෙන්ම අතිවිශේෂ මගී පර්යන්ත වලද අධි තාක්ෂණික ස්කෑන් පරික්ෂණ යන්ත්‍ර සවි කර තිබේ. එමගින් ගුවන් මගීන් අත්බෑග් වලින් ගෙන එන නීති විරෝධී භාණ්ඩ සහ බදු ගෙවීමකින් තොරව ගෙනෙන භාණ්ඩ පිටතට රැගෙන යාම වැලකෙන බව රේගු නිලධාරීහු කියති.
ප්‍රභූ පර්යන්තය හරහා නීති විරෝධී භාණ්ඩ ගෙන ඒම වැලැක්වීම සඳහා ජනාධිපති ජනාධිපතිවරයා දුන් උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා ශ්‍රී ලංකා රේගුවට දැනුම් දී ඇත්තේ මෙම උපකරණ විශේෂ මගීන් හා ප්‍රභූන් පිටවන පර්යන්තයේද සවි කරන ලෙසයි.
ඊට අදාළ වාර්තාවක් ලබා දෙන ලෙස ද ජනාධිපති ලේකම්වරයා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...