දේශීය පුවත්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කංසා වගාකිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

කංසා වගාකිරීම පිළිබඳව සොයා බැලීමට පත්කළ විශේෂ කමිටුව ආයෝජනය මණ්ඩලය යටතේ කංසා වගාකිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අනුමැතිය දී ඇති බව කී රාජ්‍ය අමාත්‍ය දිලුම් අමරණුගම මහතා සඳහන් කරන්නේ ආයෝජන මණ්ඩලය ඒ සඳහා ආයෝජකයන් සොයමින් සිටින බවත්ය.

එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අයෝජකයන් සහ විශේෂඥායන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඒ අනුව ප්‍රදේශයක් තෝරාගෙන ළඟදීම එය අත්හදා බලන බවත් අමාත්‍යවරයා පවසයි.

කංසා අපනයනය කිරීම සඳහා එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ආයෝජකයන් කීපදෙනෙක් සමඟ සාකච්ඡා කළ බවත් එය රටට ඩොලර් එන මාර්ගයක් බවට පත්විය යුතු බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More