ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය බෙදුම්වාදීන් සතුටු කිරීම වෙනුවෙන් අද කටයුතු කරමින් සිටින්නේ වෛශ්‍යාවකගේ මනේභාවයෙන් බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
අද(26) දින පැවති ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය සාකච්ඡාවේ දී වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසුවේ බෙදුම්වාදීන්ගේ වුවමනාව මත උතුරු හා නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීම වළක්වමින් ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවත්, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ බලය නීතිවිරෝධී ලෙස පනතට රැගෙන එය කැබිනට්ටුව හරහා තමාගේ යටතට ගෙන ඇති බවත්, මේ සියල්ලම ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබන්නේ බෙදුම්වාදීන් සතුටු කිරීමට බවත් ය.
බාහිර උපකාර හෝ පෞද්ගලික උපකාර ගෙන පුරාවිද්‍යා ස්ථාන දියුණු නොකරන ලෙස නියෝග ලබාදුන්නේ ද, පුරාවිද්‍යා ස්ථාන දියුණු කිරීම සඳහා යුද්ධයෙන් පසු හැදූ සැලැස්ම ක්‍රියාත්මක කිරීම වළක්වා 1985 සැලසුම අනුව ක්‍රියාකරන ලෙස නියෝග දුන්නේද මේ නිසා බවයි ඒ මහතා පවසන්නේ.
අනෙක් කාරණය ලෙස මහවැලියට අයත් උතුරු හා නැගෙනහිර ඉඩම් සියයට 40ක ප්‍රමාණය මහවැලි පනත අහෝසි කිරීම මගින් බෙදුම්වාදීන්ට අවශ්‍ය ආකාරයට බෙදා ගැනීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය පැවරීම සිදුකරන බවද, එයද ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරනු ලබන්නේ බෙදුම්වාදීන්ගේ වුවමනාවට යටත් වී බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
උතුරු හා නැගෙනහිර සිටින ආරක්ෂක හමුදාව එම ප්‍රදේශවලින් ඉවත් කිරීම සඳහා සැලසුමක් ක්‍රියාත්මක වන බව හා හමුදාවේ ප්‍රමාණය අඩුකිරීම මගින් එය සිදුකිරීමට ඉඩ සැලසෙන බවද ඒ මහතා පෙන්වා දෙයි. ප්‍රමිත බණ්ඩාර ඇමැතිවරයා අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට පොරොන්දු වී ඇත්තේද 2030 වසර වන විට හමුදාවේ ලක්ෂයක පමණ පිරිසක් ඉවත් කර හමුදාවේ පිරිස් බලය විශාල ලෙස පහළ දමන බව යැයි වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.
එසේම ත්‍රස්ථවාදීන් සමග වීරෝධාර රණවිරුවන් එකට සැමරීමට දැන් ස්මාරකයක් ද සෑදීමට යන බවත්, වසර 30ක කුරිරු යුද්ධයෙන් දිවිපිදූ හා අබාධිත වූ සියලු රණවිරුවන්ට මෙමගින් සිදුකිරීමට යන අවමානය කිසිසේත් ඉවසිය නොහැකි බවත් වසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...