දුරකථන තරංග වලින් ශ්‍රී මහා බෝධීන් වහන්සේට හානියක් නොවුණද ජංගම දුරකථන භාවිතය කිරීම වන්දනාකරුවන්ගේ ඒකාග්‍රතාවට බාධාවක් වන හෙයින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීය පරිශ්‍රය තුළ ජංගම දුරකථන භාවිතය තහනම් කිරීමට කටයුතු කරන්නේ නම් තමන් පුද්ගලිකව කැමති බව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නා හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව සඳහන් කර ඇත්තේ ජංගම දුරකථන සංඥා වලින් බෝධීන් වහන්සේට හානියක් වන්නේ දැයි සොයා බැලීමට පත් කරන ලද විද්වත් කමිටුව හමුවේ ප්‍රකාශයක් ලබාදෙමිනි.
එමෙන්ම බෝධීන් වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන පිරිසට රථගාලේ සිට පිවිසුම දක්වා පැමිණීමට විදුලි වාහන කිහිපයක් යෙදීම සුදුසු බවද නාහිමියෝ සදහන් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...