දේශීය පුවත්

වසර ගණනාවක් තිස්සේ පන්සල්, පල්ලි , කෝවිල්වල සිටින සිවිල් ආරක්ෂක බලකායේ 2500ක් 3000ක් පමණ පිරිසකගේ සේවය දිගටම දිගටම පවත්වාගෙන යාමට හැකි යැයි තමා විශ්වාස නොකරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පන්සල් වල සිටින සිවිල් ආරක්ෂක බලකා පිරිසේ බිල රුපියල් බිලියන දෙක හමාරක් පමණ වෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා සමහරුන් මේ ස්ථානවල හරක් බැලීම කුණු එකතු කිරීම මෙවැනි කාර්යයන් කරමින් සිටින බව පැවසීය.

මේ අය කරන්නේ මොනවාද?, සේවයට එනවද?, යන්න කිසිම ඇගයීමක් හෝ පසු විපරමක් කරන්න හැකියාවක් නැතැයි ද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

මේ අයගේ සේවය සම්බන්ධයෙන් ඇගයීමක් සිදු කරන බවත්, මෙය කාලානුරූපීව ක්ෂය වන සේවයක් බවට පත්ව තිබෙන බවත්, මෙම පිරිස දීර්ඝ කාලීනව තබාගැනීමේ හැකියාවක් නැති බවත් ඔහු මෙහිදී පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More