ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා රුපියල් කෝටි 8000ක ප්‍රදානයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපද සහයෝගිතා ව්‍යාපෘති කාර්යාලය පියවර ගෙන ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

ඉඩම්, ප්‍රවාහන, කෘෂිකර්ම, උසස් අධ්‍යාපන සහ විදුලිබල යන අංශවල සංවර්ධනය වෙනුවෙන් මෙම ප්‍රදානයන් යෙදවීමට යෝජිත බවද රාජ්‍ය ඇමැතිවරයා මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේය.

යෝජිත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු අගැමැති කාර්යාලය මගින් ඇමෙරිකා එක්සත් ජනපද සහයෝගිතා ව්‍යාපෘති කාර්යාලය සමඟ අවසන් අදියරේ සාකච්ඡා සිදු කරමින් පවතින බවද ඔහු කියා සිටියේය.

මෙම කෝටි 8000ක යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ අදාළ ගිවිසුම් ශ්‍රී ලංකා රජය සහ ඇමෙරිකානු එක්සත් ජනපද සහ සහයෝගිතා ව්‍යාපෘති කාර්යාලය අතර එළඹෙන දෙසැම්බර් මාසයේ දී අත්සන් තැබීමට නියමිතය.

යෝජිත සංවර්ධන ව්‍යාපෘති වලට අනුව මෙම මුල්‍ය ප්‍රධානයන්ගෙන් අවිස්සාවේල්ල සිට පැල්මඩුල්ල දක්වාත්, බෙරගල සිට වැල්ලවාය දක්වාත් නාවුල සිට දඹුල්ල දක්වා සහ දඹුල්ල සිට තලගහවැව දක්වා මාර්ග රැසක් සංවර්ධනය කිරීමට නියමිත බවද පැවසීය.

මෙයට අමතරව දිවයින පුරා සමස්ත ප්‍රවාහන පද්ධතියම ආවරණය වන පරිදි රාජ්‍ය සහ පෞද්ගලික අංශය එකාබද්ධව නවීකරණ වැඩසටහන් සහ කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ ආශ්‍රිතව රථවාහන නියාමන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමද සිදුවේ.

-Lankadeepa



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More