ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වශයෙන් අර්ජුන රණතුංග මහතා කටයුතු කොට ඇත්තේ නීති විරෝධීව බව ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යේෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබේ.
අද (25) දින ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් චන්ද්‍රසේකර මහතා මේ බව දැනුම් දී ඇත.
ඊට අදාළ ලිපිය පහත දැක්වේ.
ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයාගේ පත්වීම නීති විරෝධි බව.
1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 4 (1) වගන්තිය යටතේ අමාත්‍යවරයාට උපදෙස් ලබා දීම සඳහා ජාතික ක්‍රීඩා සභාව ස්ථාපිත කර ඇත.
1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 4 (3) වගන්තියේ සභාවට පත් කරනු ලැබූ සාමාජිකයෙකු තමාගේ සාමාජිකත්වය දරන තාක් කල් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සංගමයක හෝ වෙනත් ක්‍රීඩා මණ්ඩලයක හෝ සංවිධානයක ධූර දැරීම නතර කල යුතුය.
වර්තමාන ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ ආයතනයක් වන සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) විධායක කමිටු සාමාජිකයෙකු වශයෙන් 2021 ජූනි මස සිට තේරි පත් වී ඇත. ක්‍රීඩා සභාවේ සභාපති වශයෙන් අර්ජුන රණතුංග මහතාව 2022 අගෝස්තු මස 10 වන දින සිට ඔබතුමා විසින් පත් කර ඇත (ඔහු සිංහල ක්‍රිඩා සංගමයේ දරනු ලබන තනතුර සනාථ කිරීමට අවශ්‍ය ලේඛන මෙයට අමුණනා ඇත).
ඒ අනුව අර්ජුන රණතුංග මහතා කරුණු වසන් කොට, ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිත්වය දැරීම මඟින්, ක්‍රීඩා පනත උල්ලංඝණය කර ඇත. ඔහු රටේ ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදෙන ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වශයෙන් එහි තනතුරු දැරීම හා ක්‍රියා කිරීම බරපතළ වරදක් මෙන්ම සදාචාරාත්මක ක්‍රියාවක් ද නොවේ.
ක්‍රීඩා සභාවේ සාමාජිකයින්ට පත්වීම් ලිපිය සමගම නීතිරීති සහ කාර්යය භාරය පිළිබදව ලිපි ගොනුවක් ද ප්‍රධානය කරණ ලදි.
මෙම කරුණු සැලකිල්ලට ගෙන අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා සභාවේ සභාපතීත්වය දැරීම පිළිබඳව කරුණු සොයා බැලීම සුදුසු බවට නිර්දේශ කරමි.
සුදත් චන්ද්‍රසේකර
ජ්‍යෙෂ්ඨ උපදේශක
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...