‘මහජන පවුර’ සංවිධානය විසින් සංවිධානය කරන සම්මන්ත්‍රණයක දේශනයකට එක් වෙමින් මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා අද දිනයේ දේශපාලන වේදිකාවට ගොඩ වීමට නියමිත බව වාර්තා වේ.
එහිදී, හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් ද මෙම සම්න්ත‍්‍රණයේදී අදහස් පළ කිරීමට නියමිත බව ද වාර්තා වේ.
මේ පිළිබඳව එම සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.
ජනතාව පෙළන විදුලි බිල අඩු කළ නොහැකිද? සම්මන්ත්‍රණය සදහා පූර්ව ප්‍රචාරයක් ලබාගැනීම
නිදහසින් පසු ලක් ඉතිහාසයේ මුහුණ දීමට සිදු වූ දැවැන්තම ආර්ථික අර්බූදයට ශ්‍රී ලංකාව මුහුණ දී ඇත. වත්මන් ආර්ථික අර්බූදය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව තව තවත් පීඩාවට පත් කරමින් වත්මන් ආණ්ඩුව විසින් දැවැන්ත විදුලි ගාස්තු ඉහළ දැමීමක් මෑත කාලීනව සිදු කරන ලදී.
එහෙත් බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ මතය වනුයේ මෙම විදුලි ගාස්තු සංශෝධනය අසාධාරණ බවත් සාමාන්‍ය විදුලි පාරිභෝගික ජනතාව වෙත මීට වඩා සහනදායි මිලකට විදුලිය ලබාදීමට ආණ්ඩුවට හැකියාව ඇති බවත් ය.
විදුලි බිල අසාධාරණ ලෙස සංශෝධනය කර ඇත්තේ කවරාකාරයකින් ද? ජනතාවට සාධාරණ මිලකට විදුලිය ලබාදීම සඳහා ගත හැකි විසඳුම් මොනවා ද ? යන කාලීන කරුණු සම්බන්ධයෙන් සමාජ කතිකාවක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව “මහජන පවුර” සංවිධානය විසින් “ජනතාව පෙළන විදුලි බිල අඩු කළ නොහැකිද?” යන මැයෙන් මහජන සම්මන්ත්‍රණයක් 2023.05.26 දින පස්වරු 3.00ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා, හිටපු බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක, විදුලි ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති සෞම්‍ය කුමාරවඩු යන මහත්වරුන් මෙම සම්මන්ත්‍රණයේදී දෙසුම් පවත්වති.
මියුරු සඳරුවන්
මාධ්‍ය සම්බන්ධීකාරක
මහජන පවුර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...