දේශීය පුවත්

රට බේරාගත් රණවිරුවන් සහ රට බෙදීමට තැත් කළ මිනීමරු ත්‍රස්තවාදීන් එකට සමරන ඊනියා රණවිරු ස්මාරකයක් කොළඹ නගරයේ ඉදිකිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවත්, මෙම ක්‍රියාව, සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් යන මෙරට සියලු ජන කොටස් මරණ බියෙන් මුදවා ගැනීම වෙනුවෙන් දිවි දුන් රණවිරුවන්ගේ සොහොන් කොත්වලට මුත්‍රා කිරීමට සමාන කළ හැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

මෙම නින්දිත ක්‍රියාව වහා නවතා දමන ලෙස ජනාධිපතිවරයාට බල කර කියා සිටින බවත් ඊට මුළුමහත් ලාංකීය ජාතියේම විරෝධය පළ කළ යුතුව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.

අද(25) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් රට ගලවා ගැනීමේ මානුෂික මෙහෙයුමේදී දිවි දුන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ වෙනම රටක් වෙනුවෙන් ලේ පිපාසිතව සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අමු අමුවේ මරා දැමීමට අණ දුන් වේළුපිල්ලේ පිරබාහරන් එකට සැමරීමට, ජෙනරාල් විජය විමලරත්න සහ පොට්ටු අම්මාන් වැනි මිනීමරු ත්‍රස්තවාදියකු එකට සැමරීමට, සහරාන් වැනි ලේ පිපාසිත ත්‍රස්තවාදියකු සහ හසලක ගාමිණී රණවිරුවා එකට සැමරීමට හැකියාව ලැබෙන මෙම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දුන් කැබිනට් මණ්ඩලයට අමු කැවී ඇත්දැයි ජයන්ත සමරවීර මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දෙමළ බෙදුම්වාදීන් ඉදිරියේ දණින් වැටී වෛශ්‍යාවක සේ ඔවුන්ගේ සියලු අවශ්‍යතා සපුරාදීමේ හැසිරීමක නිරතව සිටින බව ද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය. ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව තෛපොංගල් දිනයේදීත් රාජාසන කතාවේදීත් සිදු කළ ප්‍රකාශ මගින් ඔහු දෙමළ බෙදුම්වාදීන්ගේ මනදොළ සැපිරීමට 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමේ වෑයමක නිරතව සිටින බව පැහැදිලි වූ බවත් එසේම ඔහු, පුරාවිද්‍යා ස්මාරක ප්‍රකාශයට පත්කිරීමට විෂය භාර අමාත්‍යවරයා සතු බලතල සහ පුරාවිද්‍යා රක්ෂිත ගැසට් කිරීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සතු බලතල තමන් වෙත පවරා ගනිමින් උතුරු නැගෙනහිර පුරාවිද්‍යා උරුමයන් වැනසී යාමට කටයුතු කරන්නේ ද දෙමළ බෙදුම්වාදීන්ගේ මනදොළ සැපිරීමට මිස අන් කවරකටවත් නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

එතැනින් නොනැවතී දෙමළ බෙදුම්වාදී මූලධර්මවාදීන්ගේ ආශාවන් සන්තර්පනය කරමින් පුරාවිද්‍යා උරුමයන් සංරක්ෂණයට දානපතීන්ගේ සහ වෙනත් ආයතනවල සහයෝගය ලබා ගැනීමට තිබෙන ඉඩකඩ අහිමි කරමින්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙනුවෙන් වෙන් කළ මුදලින් පමණක් එම කාර්යයන් සිදු කිරීමට අදාළ නීති පැනවීමේ රහසිගත වෑයමක රනිල් වික්‍රමසිංහ මහතා නිරත වී සිටින්නේ ද බෙදුම්වාදී මූලධර්මවාදීන් සතුටු කිරීමට බව ජනිපෙ ජාතික සංවිධායකවරයා මෙහිදී අනාවරණය කළේය.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-05-25



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More