දේශීය පුවත්

පාසල් යන වයසේ පසුවන නව යෞවනයන් කලහකාරී ලෙස හැසිරීමට සමාජ මාධ්‍යවලට වැඩි වශයෙන් යොමුවීම හේතුවක් වන බවත්, සමාජ මාධ්‍ය භාවිත කරන ළමුන් අතර විෂාදයේ ලක්ෂණ බහුලව දක්නට ලැබෙන බවත් ළමා සහ නව යොවුන් මනෝ චිකිත්සක උපදේශකවරු පෙන්වා දෙති.

ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ළමා සහ නව යොවුන් මනෝ චිකිත්සක උපදේශක වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ, නව යෞවනයේ සිටින දූදරුවන් සමාජ මාධ්‍ය වැඩි වශයෙන් භාවිත කිරීම තුළින් ඔවුන්ගේ පෞර්ෂ වර්ධනයට ද දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි.

“නව යෞවනයෙකුගේ මොළයේ පිටුපස කොටස තමයි ඉස්සෙල්ලා වර්ධනය වෙන්නේ. එතකොට පිටුපස කොටස තමයි හැඟීම් මොළේ කියලා කියන්නේ. එතකොට හැඟීම්වලට අදාළ දේවල් හරි ඉක්මනින් වර්ධනය වෙනවා. ආශාවන් පස්සේ යනවා. අලුත් දේවල් කරන්න බලනවා. බුද්ධිමය කුසලතාවලට අදාළ කොටස් වර්ධනය වෙන්න ටිකක් ප්‍රමාද වෙද්දි වෙන්නේ, හැඟීම් එක්ක වැඩකරනවා වැඩියි. නිකන් බේරේක් නැති වාහනේ වගේ.

නව යෞවන වියේ දී වැඩිපුර කලහකාරී දේවල්වලට යොමු වුණොත්, වි‍ශේෂයෙන් වීඩියෝ ගේම් වගේ දේවල්වලට ඒක දිගටම ප්ලේ කරද්දි මොළේ සකිට් වැඩිපුර ශක්තිමත් වෙනවා. එතකොට වැඩිහිටියෙක් වුණාම එයා කලහකාරී ලක්ෂණ එක්ක තමා ඉන්නේ. ඒ විශේෂත්වය එක්ක සමාජ මාධ්‍යවලට ගියාම ටිකක් අනතුරුවලට ලක්වෙනවා වැඩියි. මොකද හරි දේ තෝර බේරගන්න බෑ. හැඟීම් පස්සේ ආශාවන් පස්සේ යනවා.

සීමාවට වඩා සමාජ මාධ්‍යවල ඉන්න දරුවන්ගේ විශාදයේ ලක්ෂණ, අනිත් එක තමා කාංසාව කියන තත්ත්වය හා පෞර්ෂය අඩුවෙනවා. මොකද සමාජයට ගිහින් ඇස් දෙක දිහා බලලා සංනිවේදනයක් පවත්වා ගන්නේ නැතුව කෘතිම පරිසරයක් ඇතුළේ තියන සම්බන්ධතාවයකින් දරුවන්ගේ පෞර්ෂය වර්ධනය වෙන්නේ නෑ.

සමහර අවස්ථාවලදී අනාරක්ෂිත ගෘප් තියෙනවා. සමහර වෙලාවට තමන්ට හානි කරගන්න ගෘප් තියෙනවා. ඒ ගෘප් එකට ඇතුළත් වෙන්නත් තමන්ට හානියක් කරගන්න වෙනවා. නමුත් ඒ අයට ඒකේ වැරදි පේන්නේ නෑ. ඒ අය ඒකට යනවා මොකද එයාලා කැමතියි ඒකට. අනිත් අවස්ථාව තමා සයිබර් අවකාශයේ හිරිහැරයට ලක්වීම. මේකේ ලොකුම ගැටලුව තමා පළමු දේ මේක ලොකු ඕඩියන්ස් එකකට යනවා. දෙවැනි කාරණය තමා පැය 24ම දවස් 7ම. අනිත් එක තමා කවුද මේක කරන්නේ කියලා හොයා ගන්න අමාරුයි. අපි හිතමු මොනවා හරි විදියකින් මේක නැවැත්තුවා කියලා. නැවැත්තුවත් ඒ වෙච්ච හිරිහැරය වෙලා ඉවරයි. මේවායින් පස්සේ විශේෂයෙන් විශාදය හා සියදිවි නසා ගැනීම්වලට යන දරුවෝ අපි දැකලා තියෙනවා.

අනිත් එක හොඳ නැති පුද්ගලයෝ බොරු ගිණුම්වලින් ඇවිත් මේ නව යෞවනයෝ එක්ක ගෘප්වලට එකතුවෙනවා. ඒ වගේම අනවශ්‍ය සම්බන්ධතා ගොඩනඟා ගන්නවා. ඒ හරහා අනවශ්‍ය ලිංගික හැසිරීම්වලට පවා නව යෞවනයන් යන අවස්ථා තියෙනවා. නිරුවත් ඡායාරූප අරන් ළමයින්ව බ්ලැක්මේල් කරන අවස්ථා තියෙනවා. ඒවා අවසන් වෙන්නේ සියදිවි නසා ගැනීම් සහ විශාදය වැනි තත්ත්වවලින්…”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More