දේශීය පුවත්

ජනාධිපතිවරයා විසින් තමන්ට හිතවත් ධනවත් ව්‍යාපාරිකයන් දස දෙනකු ලබාගෙන තිබූ ණය බොල් ණය සේ කපා හැර ඇති බවත් එයට තමා එකඟ නැති බවත් කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා (සජබ) ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනපති කිරීමට තමා ඡන්දය දුන් නමුත් ඔහු කරන වැරැදි වැඩවලට එකඟ නැති බවත් ඔහු පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“රනිල් වික්‍රමසිංහ මහතා ජනපති කරන්න ඡන්දය දුන් 134 දෙනාගෙන් කෙනෙක් මම. ඔහු කරන හොඳ වැඩ අගය කරනවා සේම වැරදි වැඩ විවේචනය කරනවා. ඔහු ජනපති කියලා හිතවත් ව්‍යාපාරිකයන් 10 දෙනෙක් ගත්ත ණය බොල් ණය ලෙස කපා හැරලා. ඒවාට අපි කැමැති නෑ. ඒවාට නොවෙයි ඡන්දය දුන්නේ. ඔහුගේ පක්ෂේ ධනපති ව්‍යාපාරිකයන්ගේ ණය කපන්න නොවෙයි අපි ඔහුව පත් කළේ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More