හිටපු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භකර තිබේ.
ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇති බව අදාළ මරණය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණායෙන් ඉල්ලීමක් කර තිබුණි.
ඒ අනුව අදාළ දේහය ගොඩගැනීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණ විසින් අවසර ලබා දුන් අතර මේ වනවිට විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ
දේහය ගොඩගැනීමේ කටයුතු සිදුකෙරේ.
මේ අතර, සිරුර ගොඩ ගැනීම කටයුතු රහසිතව සිදුකරන ලෙසට පවුලේ ඥාතීන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක එම ස්ථානයට මාධ්‍යවේදීන්ට යාමට ඉඩ නොදී මාධ්‍ය කටයුතුවලට පොලිසිය බාධ කර ඇතැයි මාධ්‍යෙව්දීහු චෝදනා නගති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...