දේශීය පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමට කර ඇති යෝජනාව සම්බන්ධව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරුදීමේදී සමාජයේ සුබසාධනවාදීන් ලෙස පෙනී සිටින අතරතුර විවිධ සමාජ සංවිධානවල හා ආගමික සංවිධානවලට අයත් පුන්‍යායතනවල උසස් තනතුරු දරමින් තමන්ගේ මත්ද‍්‍රව්‍ය ව්‍යාපාරවල පව් වසා ගන්නා පුද්ගලයින් ද සමාජයේ සිටින බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධව කිසියම් පාර්ශවයකට සිත් රිදවීමක් ඇති වූයේ නම් සමාව ඉල්ලා සිටින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන අතර අදාළ අවස්ථාවේදී වැරදීමකින් රොටරි සහ සිංහ සමාජ පිළිබඳව තමන් කළ සඳහන් කිරීම සම්බන්ධයෙන් කණගාටු වන බව ද අමාත්‍යවරයා අන්දහන් කර ඇත.
එසේම විවිධ යටි අරමුණු ඇතිව සමාජ සේවා සංවිධානවලට බැඳෙන සමහර පුද්ගලයින් සිටින බව නොරහසක් බවත් නමුත් සමාජ සේවා සංවිධානවලින් රට පුරා සිදු කරන පොදු සත්කාර සේවා එවැනි තනි පුද්ගලයින් නිසා කිසිසේත්ම හෑල්ලුවට ලක්නොවන බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

තවද , එම සංවිධානවලින් දුප්පත්, අසරණ සහ විශේෂ අවධානයක් යොමු විය යුතු පුද්ගලයින්ට සුවිශාල සේවාවක් සිදුවන බව තමන් පිළිගන්නේ යැයි ද අමාත්‍යවරයා සිය නිවේදනයේ සඳහන් කරන අතර තමන් මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ බවද සඳහන් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More