දේශීය පුවත්

1972 පළමු ජනරජ ව්‍යවස්ථාව යනු වසර 400ක් පමණ යටත් විජිතයක්ව පැවති මෙරට ජනතාවගේ වහල් මානසිකත්වය නැති කිරීම සඳහා ගෙන ආ ව්‍යවස්ථාවක් නොවූ බවත්, එමගින් සිදුවූයේ අනගාරික ධර්මපාලතුමා වරක් පැවසූ ලෙසටම සුද්දන් රටින් ගියත් කළු සුද්දෝ විශාල ප්‍රමාණයක් මෙරට බිහි වී රට පාලනය කරන බව සනාථ වීමක් පමණක් බවත් නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.

‘වෙස්මිනිස්ටර් ව්‍යවස්ථාවෙන් වෙන්ව ජාතික ජනරජ දින සැමරුම සහ ඉන් ඔබ්බට සැබෑ නිදහසක් කරා‘ යනුවෙන් පැවැත්වුනු ජනරජ දින සැමරුම් උත්සවයක දී ඒ මහතා මේ බව පැවසීය.

1948 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කළේ බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙස බලා සිට එය කඩදාසියක ලිවීමෙන් බවත්, එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ ආකාරයෙන්ම ගෙන රැජින සිටින තැනට අගමැති හෝ ජනාධිපති ලෙස යෙදීමෙන් 72 ව්‍යවස්ථාව නිර්මාණය කළ නිසා වෙස්මිනිස්ටර් ආකෘතියෙන් නිදහස් වූ මෙරට ජනයාට බද්ධ වූ ව්‍යවස්ථාවක් නිර්මාණය නොවූ බවත් ඒ මහතා පවසයි.

මෙරට ජනතාවගේ සාරධර්ම, හරපද්ධතීන් නියෝජනය තුළින් පැන නැගුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තවමත් මෙරටේ නිර්මාණය කරගැනීමට නොහැකි වීම නිසා තවමත් යටත්විජිත වහල්භාවයෙන් ගැලවීමට ජනතාවට හැකිවී නොමැති බවද ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.

වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More