ඊයේ(23) දිනයේ දී නීති විරෝධී ලෙස මෙරටට රත්‍රං තොගයක් සමග තවත් භාණ්ඩ රැගෙන පැමිණීමේදී ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන්ගේ භාරයට පත්ව අද අළුයම දඩමුදල් ගෙවා නිදහස් වූ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා, අද පාර්ලිමේන්තුවට පැමිණ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉවත් කිරීමේ යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ.
පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී ඔහු පැවසුවේ තමන් නොකළ වැරැද්දකට හසුවූ බවත්, එම අවස්ථාවේ ආණ්ඩුවෙන් මේ පිළිබඳ කිසිඳු සොයා බැලීමක් නොකළ බවය.
ඒ නිසා ආණ්ඩුවට විරුද්ධව තමන් ඡන්දය භාවිතා කළ බව ද ඔහු පැවසීය.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...