දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න සභාපතිලා ඇමැතිවරුන්ගේ පිහිටෙන් ගොඩ යද්දී එසේ එකඟ නොවන සභාපතිවරුන්ට ඇමැතිවරුන් තඩිබාන බවත්, යම් ආයතනයකට සභාපතිවරයකු පත්වන්නේ නිවැරදි දේ සිදුකිරීමට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
විමල් වීරවංශ මහතා මේ බව පවසා සිටියේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ඉවත් කිරීම පිළිබඳව අද(24) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී ය.
හා සර්, යස් සර්, ඕකේ සර්, කියන සභාපතිලට ඕන කුප්ප වැඩක් කරන්න පුළුවන් බවත්, එසේ නොවන වැරදි දේට වැරදියි කියන සභාපතිලට තඩිබාන ආණ්ඩුවේ ක්‍රමවේදයට විරුද්ධ බවත් විමල් වීරවංශ මහතා පවසයි.
විදුලිබල මණ්ඩලය විසින් වැඩිකරන මිල ගණන් ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට නම් මහජන උපයෝගීතා කොමිසම තිබී වැඩක් නැති බවද, අඩුපාඩුකම් ඇති සභාපතිවරුන් ඔනෑතරම් සිටියදී මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාටම තඩිබාන්නේ අසාධාරණ විදුලි බිලට ඔහු එරෙහි වීම නිසා බවද මෙහිදී විමල් වීරවංශ මහතා සඳහන් කළේය.
ඇමැතිවරුන්ට හීලෑ නොවන සභාපතිලා තමන්ට ඕන, ඕන වෙලාවට මාරු කරනවා වෙනුවට පැපුවා නිව්ගිනියාව තම රටේ සභාපතිලා පාලනය කරන ක්‍රමවේදය වැනි ක්‍රමවේදයක් මෙරටටත් අවශ්‍ය බව වීරවංශ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...