ඉදිරියේ දී සිදුකිරීමට නියමිත විදුලිබිල සංශෝධනය පිළිබඳ මිල ගණන් අද (24) පාර්ලිමේන්තුවේ දී ඇමැතිවරයා විසින් ඉදිරිපත් කළේය.
ඒ අනුව ඒකක 0 – 30 දක්වා කාණ්ඩය වෙනුවෙන් දැනට පවතින ඒකකය මිල රුපියල් 5කින් අඩුකර තිබේ. එම කාණ්ඩය සඳහා ඒකකය නව මිල රුපියල් 25ක් කිරීමට නව සංශෝධනයෙන් යෝජනා කර ඇත.
මේ අතර ස්ථාවර ගාස්තුව රු 400ක සිට රුපියල් 250 දක්වා අඩුකිරීමට යෝජනා කළ බව ද ඇමැතිවරයා පැවසීය.
ඒ අනුව පළමු කාණ්ඩයට අවමය 23%ක සහනයක් විදුලිබිල සඳහා ලබා දී ඇති බව පැවසු අමාත්‍යවරයා, එම සහනය ලබාගන්නා පවුල් 1,744,000ක් සිටින බවත් කියා සිටියේය.
එමෙන්ම ඒකක 31 – 60 දක්වා විදුලිබිල 9%කින් අඩුවන බවත් ඒකක 0 – 60 දක්වා 7%කින් අඩුවන බවත් ඔහු සඳහන් කළේය.
ඒකක 0 – 30 දක්වා පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 15,646ක් සඳහා ජූලි මාසයේ විදුලිබිල 23%කින් අඩුවීමට නියමිත බව ද පැවසු අමාත්‍යවරයා, ඒකක 31 – 60ත් අතර පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 10,692ක් සඳහා විදුලිබිල 7%කින් පහත දැමීමට යෝජනා කර ඇතැයි පැවසීය.
හෝටල් කාණ්ඩය සඳහා 29% – 40% අතර විදුලිබිල අඩු කිරීමක් සිදුකිරීමට යෝජනා කර ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...