දේශීය පුවත්

කැනඩාවේ මුල් උරුමකරුවන් වන රතු ඉන්දියානුවන් සමූල ඝාතනය කර ඇති ජූනි 21 වැනිදා සමූල ඝාතන දිනයක් බවට පත්කර සැමරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සියලු දෙනා එක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(23) ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව තුළ කිසිඳු සමූල ඝාතනයක් සිදු වී නැති බවත්, සිදුව නැති සමූල ඝාතනයක් සැමරීමට කැනඩාවට හැකි නම් කැනඩාව විසින් සැබෑවටම සිදුකර ඇති සමූල ඝාතන දිනයක් සැමරීමට හැකියාව ඇති බවත් විමල් වීරවංශ මහතා පැවසීය.

මැයි 18 වැනිදා ශ්‍රී ලංකාවෙහි ශ්‍රී ලංකාවේ සමූල ඝාතනයක් සිදුව ඇති බවට කැනඩා අගමැතිවරයා සිදුකළ ප්‍රකාශය හේතුවෙන් ශ්‍රී ලංකාවට විශාල අපකීර්තියක් හා අවමානයක් සිදුව ඇති බවද විමල් වීරවංශ මහතා පැවසීය.

කැනඩාවේ විසූ රතු ඉන්දියානුවන්ගේ ඇටසැකිලි සහිත මිනී වළක් හමුවූ බවත් ඉතිරිවූ තරුණු පිරිස් පවා ඝාතනය කිරීමට කැනඩාව කටයුතු කළ බවත් මන්ත්‍රීවරයා පැවසීය.

එබැවින් කැනඩා අගමැතිවරයා සිදුකර ඇති මෙම ප්‍රකාශයට විරෝධය පළ කරමින් කැනඩාව සැබවින්ම සිදු කළ සමූල ඝාතන දිනය ජූනි 21 වැනිදා සැමරිය යුතු බව ද ඒ මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More