පුරවැසි කොලම

දෙමළ ජන සංහාරයක් ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි පවසමින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩර් මහතා කළ ප්‍රකාශයට පිළිතුරු සැපයීම සඳහා ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් කැනඩා අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමු කොට තිබේ.

නොමග යවන සුළු බලපෑමක් මත, අනවබෝධයෙන් කැනඩා අග්‍රාමාත්‍යවරයා සිදුකර ඇති මෙම ප්‍රකාශය නිවැරදි කරගැනීම සඳහා එම සංසදය විසින් මෙරට සිදුවූ මානුෂීය මෙහෙයුමේ සැබෑ පසුබිම සඳහන් කරමින් මෙම ලිපිය යොමුකර තිබීම විශේෂත්වයකි.

අදාළ ලිපිය පහළින්…

2023 මැයි 21
නුවන් බැල්ලන්තුඩාව මහතා,
415/34, හයිලෙවල් පාර,
ගංගොඩවිල,
නුගේගොඩ,
ශ්‍රී ලංකාව.
ගරු ජස්ටින් ටෘඩර් මැතිතුමා,
කැනඩා රාජ්‍යයේ අගමැති,
කැනඩාව

ශ්‍රී ලංකාවේ සිදු වූවා යැයි පැවසෙන දෙමළ ජන සංහාරය සම්බන්ධයෙන් වන ඔබගේ වැරදි වැටහීමට පිළිතුරු සැපයීම සහ කැනඩාවේ නේවාසික පාසල්වල සිදුවූ සංස්කෘතික ජන සංහාරයට වන්දි ගෙවීමට මැදිහත්වී ඔබ පෙන්වූ අවංකභාවයට ස්තූතිය පල කිරීම සඳහායි

හිතවත් මහතාණෙනි,

ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ – විධායක කමිටුව වන අපි, ශ්‍රී ලංකාවේ සිදුවී ඇතැයි පැවසෙන දෙමළ ජන සංහාරය සම්බන්ධයෙන් ඇති ඔබේ අනවබෝධය පිළිබඳව ඔබව දැනුවත් කිරීමට සිදුවීම සම්බන්ධයෙන් කනගාටු වෙමු. ඔබ විසින් මෙවැනි වාර්ගික වශයෙන් වෙනස්කම් වලට ලක්කරන ප්‍රකාශයක් පිළිගත හැකි සාක්ෂි නොමැතිව නිකුත් කර ඇත්තේ කිසියම් නොමග යවන සුළු මග පෙන්වීමක බලපෑම් මත බවය යන්න අපගේ පිළිගැනීමයි. ඇත්ත වශයෙන්ම, ඔබ සත්‍යය දන්නේ නම්, වැරදි පිළිගැනීමට ඔබ තුළ ධෛර්යයක් ඇති බවත්, සත්‍යය දැනගත් විට වන්දි ගෙවීමට ඔබ නිර්ලෝභී බවත් අපි කිසිදු සැකයකින් තොරව විශ්වාස කරමු. අපි මෙම ලිපිය ඔබ වෙත යොමු කරන්නේ නේවාසික පාසල්වල සංස්කෘතික ජන සංහාරය සම්බන්ධයෙන් ඔබේ අතීත ඥාතීන්ගේ වැරදි පිළිගෙන කැනේඩියානු ඩොලර් බිලියන දෙකක වන්දියක් ගෙවීමට ඔබ දැක්වූ අවංකකම නිසයි.

ඇත්ත වශයෙන්ම, 2009 මැයි 18 වන දින නන්දිකඩාල්හිදී අවසන් වූ වසර 30 ක් පැරණි ත්‍රස්තවාදීන්ට එරෙහි සටන ලෝකයේ කුරිරුතම ත්‍රස්තවාදී සංවිධානය සටන් බිමේදී පරාජය කිරීම අරමුණු කරගත් එකක් වූවා පමණක් නොව,එල්ටීටීඊ ත්‍රස්තවාදී කණ්ඩායම විසින් මිනිස් පලිහක් ලෙසින් යොදාගත් ප්‍රාණ ඇපකරුවන් 255,000 කට අධික දෙමළ සිවිල් වැසියන් නිදහස් කර ගැනීමේ මානුෂීය මෙහෙයුමක්ද වූවාය. ශ්‍රී ලංකාවේ සිදු වූවා යැයි පැවසෙන ඊනියා දෙමළ ජන සංහාරය සම්බන්ධයෙන් ඔබ තුළ වන උද්යෝගය අවුලුවාලීම සඳහාත් ඔබගේ විවේක කාලයේදී ඔබගේ වැඩිදුර අධ්‍යයන කටයුතු සඳහාත් මූලික තොරතුරු කිහිපයක් අපි ඔබ වෙත යොමු කරමු.නායකයෙකු විසින් කැනඩාවේ වෙසෙන ශිෂ්ට සම්පන්න නිහතමානී සිංහලයෙකුට මෙන්ම ලොව පුරා වෙසෙන එවැන්නන්ට වේදනාවක් ගෙන දෙමින් නොදැනුවත්ව කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දැක්වීම පුද්ගලිකව වරදක් වන්නේ නැතයි අපි විශ්වාස කරන්නෙමු.
ඔබේ අවධානයට පහත දැක්වෙන තොරතුරු අපි ඉදිරිපත් කරන්නෙමු:

1) 2015 ඔක්තෝම්බර් මාසයේදී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අනුග්‍රහය යටතේ ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ජර්මනිය, ග්‍රීසිය සහ තවත් රටවල් හයක දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ මූලික අනුග්‍රහය ඇතිව ඡන්දයකින් තොරව 2015 ඔක්තෝබර් 1 වන දින මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කරන ලද 30/1 යෝජනාව ඉදිරිපත් කර සම්මත කර ගන්නා ලද්දේය. ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම (A/HRC/RES/30/1) යනු ත්‍රස්තවාදය පරාජය කළ රටකට හෝ වෙනත් වචනවලින් කිවහොත් සන්නද්ධ ගැටුමකට එරෙහිව UNHRC විසින් සම්මත කරන ලද ඉහළම භයානක යෝජනාව වන්නේය.

2) මෙම A/HRC/RES/30/1 යෝජනාවේ ශ්‍රී ලංකාවේ සිදු වූවා යැයි කියන දෙමළ ජන සංහාරයේ තත්ත්වය ගැන කිසිදු සඳහනක් කර නොමැත.

3) A/HRC/RES/30/1 යෝජනාව පදනම් වන්නේ මානව හිමිකම් කවුන්සිලයේ තිස්වන සැසිවාරයේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 2, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ගේ වාර්ෂික වාර්තාව සහ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තා සහ මහ ලේකම්වරයාගේ යොමු අංක A/HRC/30/CRP.2 මත පදනම්වය .(OHCHR ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශන වාර්තාව (OISL)).

4) OISL වාර්තාවේ ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා එකොළහක් ඇති අතර ඒවායෙන් කිසිවක් දෙමළ ජන සංහාරයක් සිදු වූවා යැයි කියා පවසන්නේ නැත. ඔබගේ අධ්‍යනය පහසු කිරීම පිණිස OISL වාර්තාවේ සොයා ගැනීම් පහත වගුවෙන් දක්වා සිටිමු.

(වර්ෂ 2015 දී එවකට පැවැති ශ්‍රී ලංකා රජය ඊනියා යුධ අපරාධ චෝදනාවලට එරෙහිව ඔවුන්ගේ පුරවැසියන් සහ සන්නද්ධ හමුදා ආරක්ෂා කිරීමට ඉදිරිපත් නොවන අවස්ථාවක, අපි, ගෝලීය ශ්‍රී ලංකා සංසදය සන්නද්ධ හමුදාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සහාය වූ බව ඔබට දන්වා සිටිමු (“නිෂ්ප්‍රභ කිරීමේ” වාර්තාව ඉදිරිපත් කිරීම මගින් ). සන්නද්ධ ගැටුම් පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයින්ගේ සහය ඇතිව අප විසින් මෙම වාර්තාව සකස් කළෙමු. OISL වාර්තාවේ 2 වන කොටසේ “තේමා පරිච්ඡේද” එකොළහෙන් 6, 7 සහ 9 පරිච්ඡේද එල්.ටී.ටී.ඊ. සංවිධානයට අදාළව සකස් කෙරුණු ඒවා වේ. ඉතිරිය ශ්‍රී ලංකා රජයට විරුද්ධව ඇති ඒවා වේ. නමුත් “නිෂ්ප්‍රභ කිරීමේ” වාර්තාව සකස් කරන අවස්ථාව වන විට 11වන පරිච්ඡේදයේ දැක්වෙන අවතැන් වූවන් නැවත පදිංචි කර තිබූ බැවින් අවතැන් කඳවුරු අදාළ නොවීය. ශ්‍රී ලංකා රජයට එරෙහිව එල්ල වූ අනෙකුත් චෝදනා සියල්ල මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන ලදී. “නිෂ්ප්‍රභ කිරීමේ” වාර්තාවේ පළමු වෙළුම ඔබේ අධ්‍යනය සඳහා මෙහි අමුණා ඇත.“නිෂ්ප්‍රභ කිරීමේ” සම්පූර්ණ වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හැන්සාඩ්ගත කර තිබේ. “නිෂ්ප්‍රභ කිරීමේ” වාර්තාව පදනම් වී ඇත්තේ ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා (රැජිනගේ නීතිඥ ), මහාචාර්ය ඩී එම් ක්‍රේන්, ශ්‍රීමත් ජෙෆ්‍රි නයිස් (රැජිනගේ නීතිඥ ) , රොඩ්නි ඩික්සන් (රැජිනගේ නීතිඥ), මහාචාර්ය මයිකල් නිව්ටන් සහ මේජර් ජෙනරාල් ජෝන් හෝම්ස් ( DSO OBE MC) විසින් සම්පාදනය කරන ලද වාර්තා මතය.)

5) ජන සංහාරය සහ ජන සංහාරය වැලැක්වීම පිළිබඳව අධ්‍යයනය කරන කීර්තිමත් සංවිධාන සහ ආයතන සිය ගණනකට වඩා ලොව ඇත. ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන දෙමළ ජන සංහාරය පිළිබඳව එම පිළිගත් ආයතන එකක් හෝ කිසිවක් හෙළි කර නැත.

6) 2017 ඔක්තෝම්බර් මාසයේදී, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී නේස්බි සාමිවරයා ප්‍රකාශ කළේ බටහිර, විශේෂයෙන් එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය, සියලුම ශ්‍රී ලාංකිකයන්, විශේෂයෙන් ඔවුන්ගේ නායකයින් අභිබවා යන සහ අතිච්ඡායනය කරන යුද අපරාධ චෝදනා සහ විදේශීය විනිසුරුවරුන්ගේ තර්ජනය ඉවත් කළ යුතු බවයි. තවද, 40,000ක් නොව 7,000 ත් 8,000 ත් අතර සිවිල් මරණ ප්‍රමානයක් සිදුවූ බව පිළිගැනීමට එක්සත් රාජධානිය ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සහ අවතැන් වූවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) වෙත යායුතු බව නේස්බි සාමිවරයා පැවසීය. ඊට අමතරව, මෙය ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක් බව එක්සත් රාජධානිය හඳුනාගත යුතුය. ඒ අනුව ප්‍රතිඥාත නීති පදනම් වී ඇත්තේ මානව හිමිකම් පිළිබඳ යුරෝපීය සම්මුතිය මත නොව ජාත්‍යන්තර මානුෂීය නීතිය මත ය. (නේස්බි සාමිවරයාගේ සිවිල් මරණ මට්ටම සම්බන්ධයෙන් වන ප්‍රකාශය තහවුරු කිරීම සඳහා අපගේ නිරීක්ෂණයන්හි පිටපතක් ඇමිනීමට අපි කටයුතු කරමු. එල්ටීටීඊ හිතවාදී “ටැමිල් නෙට්” වෙබ් අඩවියේ දැක්වූ සිවිල් මරණ සම්බන්ධයෙන් වන වාර්තා ඒ සඳහා අපි පාදක කර ගත්තෙමු.)

7) ශ්‍රී ලංකාවේ හිටපු කැනේඩියානු මහ කොමසාරිස්වරයෙකු වූ මාර්ටින් කොලොකොට් මහතා ඔහුගේ සුප්‍රසිද්ධ “Slow down you’re granting asylum too fast” යන ප්‍රසිද්ධ ලිපියේ ඔහුගේ නිරීක්‍ෂණය මෙසේ දක්වා ඇත: “ කැනේඩියානු ත්‍යාගශීලීභාවය සහ ලිහිල් බව පිළිබඳ එක් ඇඟවීමක් සහ සරණාගත හිමිකම් ඇත්තවුන්ට අප තුල වන ත්‍යාගශීලීභාවය මෙසේ ඉදිරිපත් කරමි.සරණාගත හිමිකම සාර්ථක වීමට නම්, තම උපන් බිමේ රැඳී සිටීම ආරක්ෂිත නොවන නිසා ඔවුන් තම උපන් රටවලින් පලා ගිය බව ඒත්තු ගන්වා සරණාගතභාවයට හිමිකම් පෑමට හැකි විය යුතුය. එහෙත් වසරක් තුළ පමණක් කැනඩාවේ සරණාගත හිමිකම් ඇති ශ්‍රී ලාංකිකයන් 8600ක් සංචාරක ලියකියවිලි ලබාගැනීම සඳහා ඔටාවා හි ඇති ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට ඉල්ලුම් කළ අතර ඔවුන්ට නැවත සංචාරය සඳහා ශ්‍රී ලංකාවට යාමට හැකි විය.”

8) කැනේඩියානු මාධ්‍යවේදියෙකු වන Barry O’Regan මහතා ප්‍රකාශ කළේ “කැනඩාවේ සරණාගත තත්ත්වයට හිමිකම් කියූ දෙමළ ජනතාවගෙන් 70%ක ප්‍රමානයක් දෙමළ ජාතිකයන් සමූලඝාතනය කරන බව ඔවුන් ප්‍රකාශ කරන රටක් වන ශ්‍රී ලංකාවේ දිගටම නිවාඩු ගත කරන බව අභ්‍යන්තර රජයේ ලේඛනවල සටහන්ව තිබෙනවා” යනුවෙනි. තවද, ශ්‍රී ලංකා රජය විසින් සිදු කරන ලද මානුෂීය මෙහෙයුමට අදාළව කීර්තිමත් සහ විශ්වාසනීය පුද්ගලයන් විසින් කරන ලද අදහස් සහ ප්‍රකාශ කිහිපයක් ඔබ වෙත ලබා දීමට අපි කැමැත්තෙමු.

• එක්සත් ජාතීන්ගේ සංවිධානය 2009 දී අවසන් කරන ලද රාජ්‍යන් පිළිබඳ වාර්තාවේ ශ්‍රී ලංකාවට අදාලව දක්වා ඇත්තේ, ගැටුම තුළ, 2008 අගෝස්තු සිට 2009 මැයි 13 දක්වා කාලය තුළ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 7,721 ලෙස තක්සේරු කරන බවයි. ඒ අනුව, සරණාගත තත්වය ඉල්ලා සිටින අය විසින් පවසා සිටින 40,000 හෝ 100,000 සත්‍ය අගයක් නොවේ.

• සටන් පැවති උච්චතම අවස්ථාවේදී, ගුවන් ඡායාරූප පිළිබඳ වූ ඇමරිකානු සංගමය විසින් ගැටුම් කලාපයේ කරන ලද අධ්‍යයනයකින් තහවුරු වූයේ සොහොන් බිම්වල ප්‍රසාරණයක් හෝ සමූහ මිනී වළවල් පිළිබඳ සාක්ෂි නොමැති බවයි.

• එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සිවිල් වැසියන් යුධ රංග ශාලාවේ මිනිස් පලිහක් ලෙස යොදා ගනිමින් ඇති කළ මානුෂීය අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කටයුතු කළ ආකාරය ශ්‍රී ලංකාව සෙසු ලෝකයට ආදර්ශයක් සැපයූ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිත අමීන් අවාඩ් මහතා ප්‍රකාශ කර තිබුණි.

• එක්සත් ජාතීන්ගේ නේවාසික සහ මානුෂීය සම්බන්ධීකාරක නීල් බුහ්නේ මහතා, එවැනි සංක්‍රමණවලදී අවතැන් වූවන්ට සහන සැලසීම සහ ආධාර සැපයීම සඳහා දිසාපති ව්‍යුහයන් හරහා සිදු කරන ලද යහපත් ක්‍රියාව අගය කළ අතර ඔවුන් කරන ලද කාර්යය සඳහා රන් පදක්කමක් පිරිනැමිය යුතු බව සඳහන් කළේය.

ඉහත දැක්වෙන්නේ ඔබ විසින් කරන ලද ම්ලේච්ඡ අපරාධ පිළිබඳව ඔබට දැනගැනීමට ලැබුණු එල්ටීටීඊ දෙමළ ත්‍රස්තවාදී අධ්‍යයනෙහි සැබෑ සංක්ෂිප්තය විය යුතු නමුත් එල්ටීටීඊය පිළිබඳ ඔබේ ප්‍රකාශයේ සමතුලිත බව සලකා බලා ස්වයං අධ්‍යයනය ආරම්භ කිරීමට උපයෝගී වන උදාහරණ කිහිපයකි. තවත් විදියකින් පවසන්නේ නම් දෙමළ-කැනේඩියානුවන්ගේ අනුග්‍රහය යටතේ එල්ටීටීඊ දෙමළ ත්‍රස්තවාදී අධ්‍යාපනය යනුවෙන් පවසා යටපත් කර ඇති තිරස්චීන අපරාධ මාලාවයි.

ඔබගේ අධ්‍යනය සම්බන්ධයෙන් ඔබ සමාලෝචනය කරන්නේ නම් එල් ටී ටී ඊ ත්‍රස්ත කණ්ඩායම විසින් හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස දශකයකට වඩා වැඩි කාලයක් කටයුතු කළ අප්පාපිල්ලේ අමිර්තලිංගම්, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකු වූ ශ්‍රී ලංකාවේ හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඇතුළු දේශපාලනඥයන් ඝාතනය කර ඇති ආකාරය මෙන්ම අරන්තලාවේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා 32ක් ඝාතනය කිරීම, අනුරාධපුරයේදි පුර පසළොස්වක පොහෝ දිනක ආගමික කටයුතු වල නියැළුනු බෞද්ධයන් 132ක් ඝාතනය කිරීම, කාතන්කුඩියේ මුස්ලිම් පල්ලියක කරමින් සිටි මුස්ලිම් බැතිමතුන් 196ක් ඝාතනය කිරීම, ශ්‍රී ලංකාවේ උතුරේ සහ නැගෙනහිර ජීවත් වූ ලක්ෂ සංඛ්‍යාත අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීම, ගැබිනි කාන්තාවන්ගේ උදරය පොරොවෙන් පලා විවෘත කිරීම සහ ලී කොටවල ගසා ළදරුවන්ගේ හිස් කඩා දැමීම, ප්‍රසිද්ධ ස්ථානවල සහ මගීන් ගැවසෙන පොදු ප්‍රවාහන මධ්‍යස්ථානවල මරාගෙන මැරෙන බෝම්බ පිපරවීම සහ ළමා සොල්දාදුවන් ආදිය පිළිබඳව ඔබට තහවුරු කරගත හැකි වනු ඇති බව අපට විශ්වාසය. ඔබ සිංහල-කැනේඩියානුවන් කෙරෙහි එවැනි වාර්ගික වෙනස්කම් කිරීමේ ආකල්පයක් ප්‍රකාශ කිරීමට උත්සුකවීමේ චෝදනාවලට ගොදුරු වී ඇති අතර, ඔබ ඉක්මනින් සත්‍යය අවබෝධ කර ගැනීමටත්, සිංහල-කැනේඩියානුවන්ට ගෞරව කිරීමටත්, ස්වභාවික යුක්තිය ප්‍රතිෂ්ඨාපනය කිරීමටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

ගෝලීය ශ්‍රී ලාංකික සංවිධානය – විධායක කමිටුව

අත්සන් කළේ,
යසස් ධර්මදාස- ලේකම් විධායක කමිටුව, එරික් මාකේවිට- සභාපති ස්විට්සර්ලන්ත ශාඛාව
සේනක රාජපක්ෂ- සභාපති පෝලන්ත ශාඛාව, ජගත් චන්ද්‍රවංශ සභාපති රුසියානු ශාඛාව,
ලලිත් ප්‍රේමලාල් සභාපති අයර්ලන්ත ශාඛාව,ප්‍රසංග ජයමාන්න සභාපති එක්සත් රාජධානියේ ශාඛාව,
නුවන් බැල්ලන්තුඩාව නේවාසික ඒජන්ත ශ්‍රී ලංකාව ,ජෙයරාජ් පලිහවඩන ලේකම් එක්සත් රාජධානි ශාඛාව,
රාජා ප්‍රනාන්දු පුල්ලේ සභාපති ස්වීඩ්න් ශාඛාව,සමන්ත වීරමන්ත්‍රී ලේකම් එක්සත් අරාබි එමීර් රාජ්‍යය,
ප්‍රිමාල් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානු කටයුතු පිළිබඳ සම්බන්ධීකාරක,චානක කුරේරා සභාපති කැනඩා ශාඛාව

ඉංග්‍රීසි භාෂාවෙන් යොමු කළ ලිපිය පහළින්…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More