දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වතුරේ ගජෙන්ද්‍රන් ඇතුළු පස් දෙනෙකු පොලීසිය විසින් ඊයේ(23) අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ යාපනය කන්කසන්තුරේ ශ්‍රී තිස්ස විහාරස්ථානය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා කළ උද්ඝෝෂණයක් එම ස්ථානයේ නොපවත්වන ලෙස කන්කසන්තුරේ පොලීසිය විසින් ලබා ගත් අධිකරණ නියෝගයක් නොතකා මන්ත්‍රීවරයා ඇතුළු පිරිස ක්‍රියාකිරීම නිසා බව වාර්තා වේ.
පොලීසිය විසින් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔවුන් විරෝධතාවය අතහැර අසල වු පෞද්ගලික ඉඩමකට පලා ගොස් ඇතත් පොලිස් නිලධාරීන් ඔවුන්ව හඹා ගොස් අත්අඩංගුවට ගෙන ඇත.
එසේ අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාව කන්කසන්තුරේ අධිකරණයට ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඇප මත නිදහස් කොට තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...