ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් රැකියා සඳහා දකුණු කොරියාවට පිටත්ව යෑමට නියමිතව සිටි ශ්‍රමිකයන් 48 දෙනකු එරටට භාර ගැනීම කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව විසින් ඊයේ (23) දිනයේදී ප්‍රතික්ෂේප කළ පුවතක් වාර්තා වේ.
නිෂ්පාදන, ඉදිකිරීම් සහ ධීවර යන අංශ යටතේ දකුණු කොරියාවේ සේවය සඳහා යැවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම ශ්‍රමිකයන් 48දෙනා තෝරා ගෙන තිබිණි. ඔවුහු මෙරට සිට ශ්‍රී ලංකා ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ඊයේ කොරියාව බලා පිටත්වීමට නියමිතව සිටියහ.
නමුත්, එම ගුවන් යානය ගුවන් ගත කිරීමට පැය 10කට වැඩි කාලයක් ගතවන බවට දැනුම්දීමත් සමග එම ශ්‍රමිකයන් ඊයේ නොඑවන ලෙස කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව විසින් මෙරටට දැනුම්දී ඇත.
අදාළ ශ්‍රමිකයන් රැගත් ගුවන් යානය එරටට පැමිණීමේදී සිදුවන ප්‍රමාදය හේතුවෙන් සිය මානව සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ කාලය කළමනාකරණය කිරීමේ ගැටලු මතුවන බැවින් අදාළ ශ්‍රමිකයන් පිරිස ඊයේ දකුණු කොරියාවට භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...