පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි විසින් නීතිවිරෝධී රත්‍රන් සහ ස්මාර්ට් ජංගම දුරකතන තොගයක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරි පහසුකම් ඔස්සේ රැගෙන ඒම පිළිබඳව වූ විධිමත් රේගු පරීක්ෂණය අද (මැයි 24) අලුයම 4:00ට පමණ අවසන් වී ඇති බව වාර්තා වේ.
රේගු ආරංචි මාර්ග සඳහන් කළේ, මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය රේගු ආදායම් සංරක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එන්.පී.පී. ප්‍රේමරත්න විසින් පවත්වනු ලැබ තිබූ බව ය.
එහිදී මෙම මන්ත්‍රීවරයා විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ලැබ තිබූ, රන් බිස්කට්, ස්වර්ණාභරණ සහ ස්මාර්ට් ජංගම දුරකතන තොගය රාජසන්තක කිරීමට නියෝග කර ඇත.
තව ද ඔහුට රුපියල් ලක්ෂ හැත්තෑ පහක දඩ මුදලක් ගෙවන ලෙසට ද නියෝග කර තිබේ.
ඒ අනුව, මෙම මන්ත්‍රීවරයා මෙම දඩ මුදල අද අලුයම ගෙවා දමා රේගු මූලස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...