දේශීය පුවත්

මෙරට ප්‍රධාන විදේශ විනිමය ඉපැයුම් මාර්ගයක් වන ඇඟලුම් අපනයන ආදායම මේ වසරේදී සියයට 24කින් පමණ පහළ වැටිය හැකි බවට ක්ෂේත්‍රයේ විශ්ලේෂකයින් පුරෝකථනය කර තිබේ.

ඇඟලුම් අපනයනය මෙරට ප්‍රධාන විදේශ විනිමය ඉපැයුම් මාර්ගයක් වන අතර, ලක්ෂ තුනකට අධික පිරිසක් මෙම ක්ෂේත්‍රයේ රැකියාවල නියුක්තව සිටියි.

2022 වසරේ ඇඟලුම් අපනයනයෙන් ශ්‍රී ලංකාව ඉපැයූ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 5.95කි.

එහෙත් මෙම අවුරුද්දේ ගෙවුණු මාස හතරේ මෙරට ඇඟලුම් අපනයන ආදායමේ ක්‍රමික පහළයාමක් පෙන්නුම් කෙරේ.

ජනවාරි මාසෙ අමෙරිකානු ඩොලර් මිලියන 397ක්, පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 398ක්, මාර්තු මාසයේදී ඩොලර් මිලියන 388ක් වශයෙන් වාර්තා වුණු මෙරට ඇඟලුම් අපනයන ආදායම අප්‍රේල් මාසයේ සටහන් ව තිබුණේ ඩොලර් මිලියන 318ක් ලෙසය.

ඇඟලුම් ක්ෂේත්‍රෙය් විශ්ලේෂකයන් අනුමාන කරන්නේ මේ අවුරුද්දේ ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියනයකින් පමණ, නැතහොත් 24% කින් පමණ පහළ වැටිය හැකි බවය.

මෙරට ප්‍රධාන ඇඟලුම් ගැනුම්කරුවන් වන අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය මෙන්ම එක්සත් රාජධානියද ගෙවුණු මාස හතරේ සිය ආනයන අඩු කර ඇති අතර, ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ප්‍රධාන වෙළෙඳපොළවල ඇඟලුම් ඉල්ලුම පහතවැටීම සිදුවී ඇති බවද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More