දේශීය පුවත්

ජනක රත්නායක මහතා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳව විවාදය අද (24) දවස පුරා පැවැත්වේ. යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

මේ අතර, තමාව තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය දැක බලා ගැනීම සඳහා ජනක රත්නායක මහතාට අවසර නොදීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසන්නේ ඒ බව ජනක රත්නායක මහතාට දැනුම් දුන් බවත්, පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව යමින් ඒ තීරණය ගත් බවත් ය.

තමාට එරෙහිව පැවැත්වෙන විවාදය දැක බලා ගැනීම සඳහා තමාටත් තමාගේ පුතුන් දෙදෙනාටත් අවසර ලබාදෙන ලෙස ජනක රත්නායක මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කර තිබිණි.

කෙසේ වුවද, විවාදය පාර්ලිමේන්තුවට පැමිණ දැක බලා ගැනීම සඳහා අවසර නොලැබීම නිසා යූ ටියුබ් හරහා විවාදය නරඹන බවත් ජනක රත්නායක මහතා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More