කැනඩාවේ අගමැතිවරයා පසුගිය 18 වැනි දා ශ්‍රී ලංකාවේ සමූල ඝාතන දිනය ලෙස ප්‍රකාශයට පත්කොට මෙරට සැබෑ ලෙස සිදු නොවූ දෙයක් සිදුවූ බවට පවසමින් රටට විශාල අවමානයක් සිදු කළ බවත්, කැනඩාව යනු එරට මුල් උරුමකරුවන් වන රතු ඉන්දියානු ජනතාව සැබෑ ලෙසම සමූල ඝාතනය කළ රටක් බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
1996 වසර වන විට එරට ඉතුරුවී සිටි රතු ඉන්දියානු දරුවන් ද ඔවුන් මරාදැමූ බවද, කැනඩාවේ මුල් උරුමකරුවන්ගේ දිනය වන ජූනි 21 වැනි දා පාර්ලිමේන්තුවේ සියලුම දෙනා එක් වී කැනඩාවේ සමූල ඝාතන දිනය ලෙස සැමරීමට එක්වන ලෙස ද ඒ මහතා මෙහිදී ඉල්ලා සිටියේය.
සිදු නොවුනු සමූල ඝාතන සමරන්න ඔවුන්ට හැකි නම් සැබෑ ලෙසම සිදු වූ සමූල ඝාතන සැමරීමට මෙරට සියල්ලන්ටම හැකි බවද විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...