පාඨලී චම්පික රණවක මහතා විසින් ඊයේ දින බිහිකරන ලද්දේ ඔහුගේ 12 වෙනි සංවිධාන බවත් එයවත් සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
පිවිතුරු හෙල උරුම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.
“මේ වතාවෙවත් මේ සංවිධානයවත් සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද මේ එතුමා බිහිකරන 12 වෙනි සංවිධානය. එම සංවිධාන 12 න් 43 සේනාංකය හැරුණු විට අනික් සංවිධාන මහපොළවේ නෑ.
ඒවා නම් 1992 – ජනතා මිතුරෝ, 1995 – ජාතික සංඝ සභාව, 1996 ජාතික දහම් ගුරු සභාව, 1998 ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරය, 2000 සිහළ උරුමය, 2001 ජාතික සංඝ සම්මේලනය, 2002 ජාතික විද්වත් සභාව, 2004 ජාතික හෙළ උරුමය, 2015 යහපාලන සඳහා ජාතික පෙරමුණ, 2019 ජාතික මග, 2021 – 43 සේනාංකය, 2023 ජනරජ පෙරමුණ බිහිකලා. එතුමා පිහිටවූ මුල් සංවිධාන 10 ට අත් වූ සෝචනීය ඉරණම අත් නොවී එතුමන්ගේ නව පක්ෂයවත් චිරාත්කාලයක් පවතීවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා”
– Media unit
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...