දේශීය පුවත්

මේ වන විට විවිධ භික්ෂුන් වහන්සේලා විසින් ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන නඩු පැවරිය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් කිරීම සහ එමගින් ප්‍රශ්නය විසඳෙනවා ද යන ප්‍රශ්නය ලංකා ලීඩ් විසින් ජාතික සංවිධාන වෙත යොමුකරන ලදී.

මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ ප්‍රතිචාරය ඔහුගේ වචනයෙන්,

“බොහෝ භික්ෂූන් වහන්සේලා මේ ප්‍රශ්නය ගැඹුරින් දකින්නේ නැහැ. ඒ පුද්ගලයාගේ ප්‍රකාශවලට උන්වහන්සේලා උත්තර බැඳීම වැරදියි. ඒ වගේම ඔහුට ICCPR පනත යටතේ දඬුවම් කිරීම මගින් ප්‍රශ්නය විසඳෙන්නෙත් නැහැ. ඒ නිසා ඔහුගේ පිටුපස සිටින පිරිස්, ඔහු හෙහෙයවන හස්තය සහ ඔහුට මුදල් ලැබෙන ආකාරය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කිරීම තමයි මූලික වශයෙන් වැදගත් වන්නේ.

සහරාන් මැරුණු පමණින් හෝ ඔහුට උදව් කළ කිහිප දෙනෙකු හිරේ දැමීම මගින් ඉස්ලාම් අන්තවාදයේ දේශපාලන අරමුණ අහෝසි වන්නේ නැහැ. ඉස්ලාම් අන්තවාදය ජාත්‍යන්තර ත්‍රස්තවාදී අවියක්. ඒ සඳහා අන්තවාදී ඉගැන්වීම් ප්‍රචලිත කරනවා. බෝර්න් අගේන් සංවිධානයත් ඒ ආකාරයට බාහිර පාර්ශ්ව විසින් හසුරුවන බව ඉතා පැහැදිලියි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More