දේශීය පුවත්

බෙයිජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ප්‍රමුඛ පෙළේ චීන සමාගම් වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති ආයෝජන අවස්ථා පිළිබඳ යෝජනා රාශියක් මන්දගාමී වී හෝ අසාර්ථක වී ඇත්තේ මෙරට සිටින නිසි බලධාරීන් එම යෝජනාවන්ට අදාළ ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට ප්‍රමාද වීම නිසා බව ආරංචි මාර්ග හෙළිකරයි.

එම ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද කරනු ලැබුවේ කොමිස් මුදලක් අපේක්ෂාවෙන්දැයි මේ වන විට බලවත් සැකයක් ඇති වී තිබේ.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උනන්දුවක් දැක්වූ විවිධ අංශවල ප්‍රමුඛ පෙළේ චීන සමාගම් සමඟ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සාකච්ඡා පැවැත්වූ බවත්, කොළඹ වරාය නගරයේ මුල්‍ය මධ්‍යස්ථානයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ආයෝජනය කිරීමට කැප වූ චයිනා හාබර් සමාගමද ඒ අතර සිටි බවත් ආරංචි මාර්ග පවසයි.

හුනාන් ඉන්ෆස්ට්‍රක්චර් සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්ත පළ කළ බවද, චයිනා රේල් සමාගම සහ එහි හවුල්කරුවන් කොළඹ සැහැල්ලු දුම්රිය පද්ධතියක් ඉදිකිරිමේ ව්‍යාපෘතියක් සඳහා සාකච්ඡා කළ බවද ආරංචි මාර්ග පවසයි.

මෙම සමාගම් පමණක් නොව විවිධ ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ සමාගම් රාශියක් ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීම සඳහා කැමැත්ත පළ කරමින් සාකච්ඡා කළ බවත්, විශේෂයෙන් සයිනොෆාම් සමාගම කලාපයේ වෙළඳපොළට පිවිසීම සඳහා මෙරට ඖෂධ නිපදවීමේ කර්මාන්තශාලාවක් ඉදිකිරීමට සාකච්ඡා කළත් පසුව එම කර්මාන්තශාලාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉදිකිරීමට එම සමාගම තීරණය කළ බවත් එම ආරංචි මාර්ග හෙළිකරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More