දේශීය පුවත්

ශ්‍රී ලංකා හමුදාවන්හි ප්‍රමාණය ක්‍රමයෙන් අනුමත ප්‍රමාණයට ගෙනවිත් සම්මත හමුදාමය රාජකාරීන් සඳහා යෙදවීමට පියවර ගන්නා බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශය නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් (Afreen Akhter) සමඟ පැවති හමුවක දී ය.

එක්සත් ජනපදය විසින් මෙරටට ලබා දී ඇති සහයෝගීතා ක්‍රියාමාර්ග පිළිබඳවත්, දෙරට අතර හමුදාමය සහ ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ නව ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

සමුද්‍රීය දැනුවත්භාවය සහ සමුද්‍රීය ආරක්‍ෂාව වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා එක්සත් ජනපදය විසින් දරන උත්සාහයන් සහ ආරක්‍ෂක ප්‍රතිපත්තියේ සමුද්‍රීය ආරක්‍ෂාව සහ අනෙකුත් කලාපීය ගැටලු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන් පිළිබඳව ද මෙහිදී ද්විපාර්ශ්වික සාකච්ඡා සිදුවී තිබේ.

ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් හට විදේශ සාමසාධක රාජකාරීන්හි අවස්ථා ලබා ගැනීම පිළිබඳව කරුණු ද මෙහිදී සාකච්ඡා වී තිබේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ඩග්ලස් ඊ සොනෙක් (Douglas E. Sonnek), තානාපති කාර්යාල නිලධාරීන් සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ද එක්ව ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More